පැරණි පඬිවරුන් වන ජෙරොම් සහ ටර්ටියුලියන් විසින් පුරාණ රෝමයේ ජෙනරාල් වරයෙක් මහා ජයග්‍රහණයක් ලබා ගත් පසු ඔහුව වර්ණවත් අශ්ව කරත්තයකින් අගනුවරේ සෑම මංසන්ධියක් පාසා අලුයම සිට හිරු බැස යන තෙක්ම ගෙන යන බව දැක්වෙන කථා කිහිපයක් ලියා තිබේ. සෙනග සතුටින් කෑ ගසති. ජෙනරාල්වරයා ඔහුගේ ජීවිතයේ ලොකුම ගෞරවය ගැන සතුටු වෙමින් සිටියේය. කෙසේ වෙතත් පුරාවෘත්තයට අනුව මුළු දවස පුරාම සේවකයෙක් ඔහු පිටුපස සිට “මෙමෙන්ටෝ මෝරි” එනම් “ඔබ මිය යන බව මතක තබා ගන්න” යනුවෙන් ඔහුගේ කණට කෙඳිරුවේය.

ආඩම්බර ආශාවන්ගෙන් සහ ස්වයංපෝෂිතභාවය පිළිබඳ පිරුණු හැඟීමකින් ආසාදනය වූ ප්‍රජාවකට යාකොබ් ලීවේය. ඔවුන්ගේ උඩඟුකමට මුහුණ දෙමින් සිතට වදින වචනයක් කථා කළේය : “දෙවියන්වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දක්වන සේක” (යාකොබ් 4:6). ඔවුන් කළ යුතුව තිබුණේ
“ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පහත් වීමයි” (10 පදය). ඔවුන් මෙම නිහතමානීකම වැළඳ ගන්නේ කෙසේද? රෝම ජෙනරාල් වරුන් මෙන් ඔවුන් මැරෙන බව මතක තබා ගැනීම අවශ්‍ය විය. “හෙට කුමක් සිදුවේදැයි කියාවත් ඔබ දන්නේ නැත” යාකොබ් තරයේ කියා සිටියේය. “නුඹලා සුළු වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය” (14 පදය). ඔවුන්ගේ දුර්වලකම් හිමිකර ගනිමින් ඔවුන්ගේ නැතිවී යන උත්සාහයන්ට වඩා
“ස්වාමින්ගේ කැමැත්ත” තුළ ජීවත් වීමට නිදහස ලැබුණි (15 පදය).

අපේ දින ගණන් කර ඇති බව අපට අමතක වූ විට එය අහංකාරයට මග පෙන්වයි. නමුත් අපගේ මරණය ගැන අපි යටහත් වන කල සෑම හුස්මක්ම සහ සෑම මොහොතක්ම අනුග්‍රහය ලෙස අපි දකිමු. “මෙමෙන්ටෝ මෝරි”