2020 සරත් කාලයේදී කොලරාඩෝ කඳුකරයේ නැගෙනහිර ප්‍රාන්තයේ ඇතිවූ ඉතා විශාල ගින්නක් පැතිරෙන විට “සිය දහස් ගණන් හෝ මිලියන ගණනක් යාච්ඤා” දෙවියන්වහන්සේට ඔප්පු කෙරුණි. එම ප්‍රාන්තයේ ප්‍රධාන නිලධාරි තුමා මෙම යාච්ඤා ගැන තක්සේරු කරමින් මවිතයට පත් වුනි. එහි නම ප්‍රකාර මෙම ගින්න පැය දොළහමාරක් ඇවිලෙමින් අක්කර 100,000 ක වියළි වනාන්තර හරහා පැතිරෙමින් නිවාස තුන් සියයක් පොළොවටම ගිනිබත් කරමින් මුළු නගරයටම තර්ජනයක් ඇති කළේය. ඉන් පසුව එක් කාලගුණ විද්‍යාඥයෙක් හැඳින්වූ පරිදි “දෙවියන්වහන්සේ එවූ” දෙයක් විය. නැහැ, වැස්ස නොවෙයි. කාලෝචිත හිම පතනයකි. අවුරුද්දේ නියමිත කාලයට කලින් පැමිණි මෙම හිම පතනය අඩි එකක් හෝ ඊට වැඩි තෙත් හිම පතිත කරමින් ගින්න මන්දගාමී කළේය. සමහර ස්ථානවල ගින්න සම්පූර්ණයෙන්ම නතර කළේය.

එවැනි දයානුකම්පිත උපකාර පැහැදිළි කිරීමට නොහැකි තරම් විශ්මය ජනකය. හිම සහ වර්ෂාව සඳහාත් වන අපගේ යාච්ඤා දෙවියන්වහන්සේ අසන්නේද? වර්ෂාව සඳහා එලියාගේ බලාපොරොත්තුව ඇතුළු උන්වහන්සේගේ බොහෝ පිළිතුරු බයිබලයේ සටහන් කර ඇත්තේය (1 රාජාවලිය 18:41-46). දැඩි ඇදහිල්ලෙහි සේවකයෙක් වූ එලියා කාලගුණයද ඇතුළුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගත්තේය. ගීතාවලිය 147 හි දෙවියන්වහන්සේ ගැන දැක්වෙන පරිදි “උන්වහන්සේ …. පොළොවට වැසි වස්වන සේක” (8 පදය). උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරන සේක” (19-17 පද).

වලාකුළු සෑදීමට පෙර පවා “අධික වර්ෂාවක ශබ්දය” එලියාට ඇසුණි (1 රාජාවලිය 18:41). උන්වහන්සේගේ බලය කෙරෙහි අපගේ විශ්වාසයත් ඒතරම්ම බලවත්ද? උන්වහන්සේගේ පිළිතුර කුමක් වූවත් දෙවියන් වහන්සේ අපේ විශ්වාසයට ඇරයුම් කරන සේක. උන්වහන්සේගේ පුදුමාකාර උපකාරය සඳහා අපට උන්වහන්සේ දෙස බැලිය හැකිය.