මගේ මිතුරාගේ පියා මෑතකදී මිය ගියේය. අසනීප වූ විට ඔහුගේ තත්ත්වය ඉක්මණින් පිරිහී ගිය අතර දින කිහිපයකින් ඔහු නැති වුනි. මගේ මිතුරා සහ ඔහුගේ පියා සෑම විටම දැඩි සබඳතාවයක් පැවැත්වූ නුමුත් තවමත් අසන්නට ප්‍රශ්න රාශියකුත් පිළිතුරු සෙවීමටත් සංවාද පැවැත්වීමටත් යුතුව තිබුණි. නොකියූ බොහෝ දේ තිබුණද දැන් ඔහුගේ පියා නැතිවී ඇත. මගේ මිතුරා පුහුණු උපදේශකවරයෙකි. ඔහු ශෝකයේ අඩු වැඩි තාවය දන්නා අතර එම කරදරකාරී තත්ත්වය තුළදී ගමන් කළ යුතු ආකාරය ගැන අන් අයට උපකාර කිරීමටද දන්නේය. එසේ වුවද ඔහු මට කීවේ “සමහර දිනවලදී මට තාත්තාගේ හඬට සවන් දීමට අවශ්‍යය. ඔහුගේ ප්‍රේමය ගැන සහතිකය. එය සෑම විටම මගේ ලෝකය හා සමානය” යනුවෙනි.

යේසුස්වහන්සේගේ මෙලොවෙහි දේව සේවය ආරම්භයේදී ඉතා වැදගත් සිදුවීමක් වූයේ යොහන් අතින් බව්තිස්මය ලැබීමයි. යොහන් එයට විරුද්ධ වීමට උත්සාහ කළද තමන්වහන්සේව මනුෂ්‍යය වර්ගයා සහ හඳුනා ගැනීමට මොහොතක් අවශ්‍ය බව යේසුස්වහන්සේ අවධාරණය කළ සේක. “දැනට ඉඩ හරින්න. මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කරන්ට අපට සුදුසු යයි කී සේක” (මතෙව් 3:15). යේසුස්වහන්සේ කිවූ ලෙස යොහන් කළේය. පසුව යොහන්ට සහ සමූහයාට යේසුස්වහන්සේගේ අනන්‍යතාවය ප්‍රකාශ කළ යමක් සිදු වූ අතර එය යේසුස්වහන්සේගේ හදවතටත් තදින් බලපාන්නට ඇත. පියාගේ හඬ උන්වහන්සේගේ පුත්‍රයාට සහතික විය. “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය” (මතෙව් 3:17).

අපගේ හදවත්වල ඇති එම හඬම ඇදහිලිවන්තයන් වන අප කෙරෙහි උන්වහන්සේගේ මහත් ප්‍රේමය සහතික කරයි (1 යොහන් 3:1).