ගැරීට ඇවිදීමේදී සමබරතා ගැටළුවක් ඇති වුනි. සමබරතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔහුගේ වෛද්‍යවරයා ශාරිරික ප්‍රතිකාරයක් නියම කරන ලදී. එක් සැසියකදී ඔහුගේ චිකිත්සකයා ඔහුට මෙසේ කීවේය. “වැරදි වූවත් ඔබට දැකිය හැකි දේ ගැන ඔබ ඕනෑවට වඩා විශ්වාස කරනවා. ඔබ ඔබේ අනෙක් පද්ධති මත ප්‍රමාණවත් ලෙස යැපෙන්නේ නැත. එනම් ඔබේ පාද යට ඔබට දැනෙන දේ සහ ඔබේ කණ ඇතුළතින් ලැබෙන සංඥා. මේවාද ඔබට සමබරතාවය තබා ගැනීමට උපකාරී වන්නේය.

“ඔබට පෙනෙන දේ ගැන ඔබ ඕනෑවට වඩා විශ්වාස කරනවා” යන්න එfඬ්රෙක් වූ දාවිත් සහ ගොලියත් සමග ඔහුගේ හමුවීම ගැන කථාව මතකයට ගෙන එන්නේය. තමන් සමග සටන් කරන්න යමෙකු එවන්නැයි ඔවුන්ට නින්දා අපහාස කරමින් දින හතළිහක් පිලිස්ති ජාතික ශූරයෙක් වූ ගොලියත් “ඊශ්‍රායෙල් හමුදාව ඉදිරියෙහි සැරිසැරුවේය” (1 සාමුවෙල් 17:16). නමුත් සාමාන්‍යයෙන් මිනිසුන් අවධානය යොමු කරන දේ ඔවුන්ගේ බියට හේතු වූයේය. එවිට තරුණ දාවිත් පැමිණියේ ඔහුගේ වැඩිමහල් සහෝදරයන්ට අවශ්‍ය දේවල් රැගෙන යන ලෙස ඔහුගේ පියා පැවසූ නිසාවෙනි (18 පදය).

දාවිත් තත්ත්වය දෙස බැලුවේ කෙසේද? දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මිස පෙනීමෙන් නොවේ. ඔහු යෝධයා දුටු නමුත් දෙවියන්වහන්සේ තම සෙනග ගළවන බව විශ්වාස කළේය. ඔහු තරුණයෙක් වුවද සාවුල් රජුට පැවසුවේ “කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා. ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමග සටන් කරමි” (32 පදය) යනුවෙනි. ඉන්පසු ඔහු ගොලියත්ට කථා කොට “යුද්ධය ස්වාමින්වහන්සේගේය. උන්වහන්සේද නුඹලා අප අතට පාවා දෙන සේක” යනුවෙන් කිවේය (47 පදය). දෙවියන්වහන්සේ කළේද ඒ දෙයමය.

දෙවියන්වහන්සේගේ ගුණාංග හා බලය කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් උන්වහන්සේට වඩාත් සමීපව ජීවත් වීමට උපකාරී වේ.