අසූවයස්කාර වූ ජර්මන් ජාතිකයෙක් හා ඩෙන්මාර්ක් ජාතිකයෙක් වූ ඔවුහු යුවළක් යයි සිතිය නොහැකි වුනි. වැන්දඹු වීමට පෙර ඔවුන් දෙදෙනා අවුරුදු හැටක විවාහ ජීවිතයක් භුක්ති විඳ තිබුණි. ඔවුන් ජීවත් වූයේ විනාඩි පහළොවක දුරින් වුවද ඔවුන්ගේ නිවෙස් තිබුණේ වෙනත් රටවලය. කෙසේ වෙතත් ඔවුහු ප්‍රේමයෙන් වෙළී නිතිපතා ආහාර පිසිමින් එකට කාලය ගත කළහ. කණගාටුවට කරුණක් නම් 2020 දී කොරෝනා සීමා මායිමේ නිශ්ශබ්ද ගම්බද මංතීරුවේදී දෙදෙනා හමුවී විනෝද චාරිකාවක් බෙදා ගත්හ. “අපි මෙහි සිටින්නේ ප්‍රේමය නිසාය” කියා පුරුෂයා පැහැදිළි කළේය. ඔවුන්ගේ ප්‍රේමය දේශ සීමා වන්ට වඩා ශක්තිමත් වුනි. වසංගතයකට වඩා බලවත් වුනි.

ප්‍රේමයේ නොබිඳිය හැකි බලය පිළිබඳ සිත් ඇදගන්නා සුළු දර්ශනයක් සාලමොන්ගේ ගීතිකාව ඉදිරිපත් කරන්නේය. “ප්‍රේමය මරණය මෙන් බලවත්ය” යනුවෙන් සාලමොන් අවධාරණය කළේය (8:6). අපි කිසිවෙක් මරණයෙන් ගැළවෙන්නේ නැත. අපට බිඳ දැමිය නොහැකි අවසානයක් මෙන් එය පැමිණෙන්නේය. ඒ අතරම, ලේඛකයා පැවසුවේ ප්‍රේමය සෑම අතින්ම බලවත් බවයි. එපමණක්ද නොව ප්‍රේමය දැවෙන ගින්නක් මෙන් බලවත් ගිනි දැල්ලක් මෙන් දවන්නේය” (6 පදය). අධික කෝපයෙන් ගින්නක් පුපුරා යන අයුරු ඔබ කවදා හෝ දැක තිබේද? ප්‍රේමයද ගින්නක් මෙන් දරා ගත නොහැකිය. “බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය. ගංගාවලට එය යටත්කරන්ටත් බැරිය” (77 පදය).

මනුෂ්‍යයන්ගේ ප්‍රේමය ආත්මාර්ථකාමී සහ සත්‍යය වන ඕනෑම අවස්ථාවක මෙම ලක්‍ෂණ පිළිඹිබු කරයි. කෙසේ වෙතත් එවැනි ශක්තියක් අසීමිත ගැඹුරක් දැඩි ප්‍රබලත්වයක් ලබා දෙන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පමණී. මෙන්න පුදුමයට කරුණක් : දෙවියන්වහන්සේ අප එකිනෙකාට මෙම නිවා දැමිය නොහැකි ප්‍රේමයෙන් ප්‍රේම කරන සේක.