කුඩා ගොවි ප්‍රජාවක් තුළ ප්‍රවෘත්ති වේගයෙන් පැතිරෙයි. වසර ගණනාවක් තිස්සේ ඬේවිඞ්ගේ පවුලට හිමිව තිබූ ගොවිපළ බැංකුව විසින් විකුණු පසුව එය නැවතත් විකීණීමට ඇති බව ඔහු දැන ගත්තේය. බොහෝ පරිත්‍යාග කිරීමෙන් සහ ඉතිරි කිරීමෙන් පසුව ඬේවිඞ් වෙන්දේසියට පැමිණ එම ප්‍රදේශයේ ගොවීන් දෙසියයකට ආසන්න පිරිසක් සමග එකතු විය. ඬේවිඞ්ගේ සුළු ලංසුව ප්‍රමාණවත් වේවිද? ඔහු පළමු ලංසුව තබා වෙන්දේසිකරු ඉහළ ලංසුවලට කථ කරද්දී ගැඹුරු හුස්මක් ගත්තේය. වෙන්දේසි කරුවාගේ කුඩා දැව මිටියේ ශබ්දය ඇසෙන තුරු පිරිස නිහඬව සිටියහ. සෙසු ගොවීන් ඬේවිඞ්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ අවශ්‍යතා තමන්ගේම මූල්‍ය දියුණුවට වඩා ඉහළින් තැබූහ.

මෙම කථාවෙන් කියැවෙන ගොවියන්ගේ පරිත්‍යාගශීලි කරුණාව අපෝස්තලු පාවුල් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට ජීවත් විය යුතු ආකාරය කියා දීම පෙන්නුම් කරයි. අපගේ ආත්මාර්ථකාමී ආශාවන් අන් අයගේ අවශ්‍යතා ඉදිරියේ තබමින් සහ අපගේ අනාගතය රැක ගැනීම සඳහා පොර බදමින් “මේ ලෝකයේ ආකාරයට” (රෝම 12:2) අනුකූල නොවන ලෙසට පාවුල් තුමා අපට අනතුරු අඟවයි. ඒ වෙනුවට අපි අන් අයට සේවය කරන විට දෙවියන්වහන්සේ අපගේ අවශ්‍යතා සපුරාලන බවට අපට විශ්වාස කළ හැකිය. ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ මනස අලුත් කරන විට දේව ගෞරවයෙන් යුත් ප්‍රේමයෙන් සහ චේතනාවෙන් යුතුව අපට තත්ත්වයන්ට මුහුණ දිය හැකි වන්නේය. අපි විශාල දෙයක කොටසක් බව එනම් දේව සභාවට අයිති බව දෙවියන්වහන්සේ අපට මතක් කර දෙන හෙයින් අන් අයට මුල් තැන දීමෙන් අපට අප ගැන ඕනෑවට වඩා සිතීමෙන් වැළකී සිටීමට උපකාර වන්නේය (3-4 පද).

ශුද්ධාත්මයාණන් වහන්සේ ඇදහිලිවන්තයන්ට දේව වචනය තේරුම් ගැනීමට සහ කීකරු වීමට උපකාර කරන සේක. අපට එක් අයෙක් ලෙසින් ශක්තිමත් වන පිණිස පරාර්ථකාමී ලෙස දීමටද ත්‍යාගශීලි ලෙස ප්‍රේම කිරීමටද උන්වහන්සේ අපට බලය ලබා දෙන සේක.