2019 අප්‍රේල් මාසයේදී පැරිසියේ නොටේ‍ර-ඬේම් ආසන දෙව් මැදුර ගිනි ගත් විට එහි පැරණි ලී බාල්ක සහ ඊයම් තහඩු අධික රස්නයකින් යුත් උදුනක් මෙන් වූ නිසා ඒවා දරා ගත නොහැකි වුනි. ආසන දෙව් මැදුරේ උල්වූ කොත පහත වැටීමෙන් පසු එහි සීනුව සවිකර තිබුණු කුළුණු වෙත අවධානය යොමු වුනි. දැවැන්ත වානේ සීනුවල ලී රාමුද පිළිස්සුණේ නම් ඒවා බිඳ වැටීමෙන් කුළුණු දෙකම බිම හෙළන අතර ආසන දෙව් මැදුර සම්පූර්ණයෙන්ම නටබුන් වනු ඇත.

ආරක්‍ෂාව සඳහා සිය ගිනි නිවන භටයින්ව ආපසු පස්සට ගෙන පැරීසියේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අණ දෙන නිලධාරී ජෙරාල් ගැලට් ඊළඟට කුමක් කළ යුතුදැයි කල්පනා කළේය. රෙමී නම් ගිනි නිවන භටයෙක් බියසුළුව ඔහු වෙත පැමිණියේය. “ගෞරවාන්විත ජෙනරාල් තුමනි, මම යෝජනා කරන්නේ අපි කුළුණු වල පිටතින් නැවෙන සුලු බට (හෝස් බට) යැවිය යුතු බවයි” ඔහු කීවේය. ගොඩනැගිල්ලේ ඇති දුර්වලතාවයන් ගැන සළකා බලා අණ දෙන නිලධාරියා එම අදහස ප්‍රතික්‍ෂේප කළේය. නුමුත් රෙමී දිගටම කථා කළේය. ඉක්මණින්ම ජෙනරාල් ගැලට්ට තීරණයක් ගැනීමට සිදු වුනි. එනම් කණිෂ්ඨ ගිනි නිවන භටයාගේ උපදෙස් පිළිපැදීම හෝ ආසන දෙව් මැදුර කඩා වැටීමට සැළැස්වීම හෝ වන්නේය.

උපදෙස් ලබා ගැනීම ගැන දේව වචනය බොහෝ දේ කියයි. මෙය සමහර විට යෞවනයන් වැඩිහිටියන්ට ගරු කරන ආකාරය ඉගැන්වීම තුළ වුවද (හිතෝපදේශ 6:20-23) බොහෝ ඒවා එසේ නොවේ. හිතෝපදේශ පවසන්නේ “ඥානවන්තයන් උපදෙස් වලට සවන් දෙන බවත්” (12:15); එයින් යුද්ධ ජයග්‍රහණය වන බවත් (24:6); එයට අවනත නොවන්නේ මෝඩයන් පමණක් වන බවත්ය (12:15). උපදෙස් දෙන අයගේ වයස හෝ තරාතිරම කුමක් වූවත් ඥානවන්ත අය හොඳ උපදෙස් වලට සවන් දෙති.

ජෙනරාල් ගැලට් රෙමීට සවන් දුන්නේය. දැවෙන සීනු රාමු වලට නියමිත වේලාවට (හෝස් බට වලින්) ජලය ලැබුණු හෙයින් ආසන දෙව් මැදුර බේරා ගැනීමට හැකි වුනි. අද දින ඔබට දේව උපදෙස් අවශ්‍ය වන්නේ කුමන ගැටලුව සඳහාද? කණිෂ්ඨයෙකුගේ වචන තුළින් සමහර විට දෙවියන්වහන්සේ නිහතමානී අයට මග පෙන්වන සේක.