උපදේශනය පිළිබඳ ලිපියක හැනාෂෙල් පැහැදිළි කරන්නේ උපදේශකයින්ට සහයෝගය දැක්වීම, අභියෝග කිරීම සහ පෙළඹීමක් ලබා දීම අවශ්‍ය නමුත් “පළමුවෙන්ම සමහර විට මූලිකවම යහපත් උපදේශකයෙක් ඔබව දකින බවයි….. හඳුනා ගැනීම, සම්මාන හෝ ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා නොව “දැකීම” මූලික මිනිස් අයිතිවාසිකමක් වන හෙයිනි. මිනිසුන්ව හඳුනා ගැනීම, දැන ගැනීම සහ විශ්වාස කිරීම අවශ්‍ය වනු ඇත.

අලුත් ගිවිසුමේ “දිරිමත් කිරීමේ පුත්‍රයා” යන අර්ථය ඇති නමකින් යුත් බාර්ණබස්ට ඔහු වටා සිටින මිනිසුන් “දැකීමේ” කැමැත්තක් තිබුණි. ක්‍රියා 9 හි දැක්වෙන්නේ සෙසු ගෝලයින් “සාවුල්ට බිය වූ විට” ඔහුට අවස්ථාවක් ලබා දීමට බාර්ණබස් කැමති වූ බවයි (26 පදය). සාවුල්ට (පාවුල් ලෙසද හැඳින්වේ; 13:9) යේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට හිංසා පීඩා කිරීමේ ඉතිහාසයක් තිබුණි (8:3). එබැවින් ඔව්හු “ඔහු සැබවින්ම ගෝලයෙක්” යයි නොසිතූහ.

පසුව, “දේශනා කළ සෑම නගරයකම ඇදහිලිවන්තයන් බැලීමට” ඔවුන් සමග මාර්ක්ව ගෙන යා යුතුද නැද්ද ගැන පාවුල් සහ බාර්ණබස් අතර මතභේදයක් ඇති වුනි (ක්‍රියා 15:36). කලින් අවස්ථාවකදී මාර්ක් ඔවුන්ව අතහැර දමා ගිය නිසා ඔහුව නැවතත් ගෙන යාම ඥානවන්ත දෙයක් කියා පාවුල් සිතුවේ නැත. සිත්ගන්නා කරුණ නම් පාවුල් පසුව මාර්ක්ගෙන් උපකාර ඉල්ලා සිටීමයි. “මාර්ක් නුඹ කැටුව කැඳවා ගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනවත්ය” (2 තිමෝති 4:11).

බාර්ණබස්, පාවුල් සහ මාර්ක් යන දෙදෙනාම “දකින්න” කාලය ගත කළේය. සමහර විට බාර්ණබස්ට මෙන් වෙනත් පුද්ගලයෙක් තුළ ඇති ගුණාංග හඳුනා ගැනීමට හෝ අපිත් අධ්‍යාත්මික උපදේශකයෙක්ගේ සේවය අවශ්‍ය කෙනෙක් හෝ විය හැකිය. අපට ධෛර්යයමත් කළ හැකි අය සහ අපව දිරිමත් කරන අය වෙත අපව ගෙන යන ලෙසට අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලමු.