ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අපගේ සංචාරයේදී ජෙට් ප්‍රහාරක ගුවන් නියමුවෙක් පැහැදිළි කළේ ගුවන් යානා මෙතරම් කෙටි ධාවන පථයකින් ගුවන් ගත වීමට පැයට කිලෝ මීටර් 56 ක සුළඟක් අවශ්‍ය බවයි. මෙම ස්ථාවර සුළඟට ළඟාවීම සඳහා කපිතාන් නැව සුළඟ දෙසට හරවයි. “ගුවන් යානයේ පිටුපසින් සුළං පැමිණිය යුතු නැද්ද?” කියා මම ඇසුවෙමි. නියමුවා පිළිතුරු දෙවින් “නැහැ. ජෙට් යානා සුළඟ තුළට පියාසර කළ යුතුයි. එසවීම ලබා ගත හැක්කේ එතකොටයි” යනුවෙන් පැවසීය.

පොරොන්දු දේශය තුළ ඔවුන් බලා සිටින “සුළං” තුළට තම සෙනග මෙහෙයවීමට දෙවියන්වහන්සේ යෝෂුවාව කැඳවූ සේක. යෝෂුවාට දේවල් දෙකක් අවශ්‍ය වුනි : අභ්‍යන්තරව ඔහුට ශක්තිමත්ව ඉතා ධෛර්යයමත්ව” (යෝෂුවා 1:7) සිටීමටද බාහිරව අභියෝගද ඔහුට අවශ්‍ය වුනි. දහස් ගණන් ඉශ්‍රායෙල් වැසියන්ට නායකත්වය දීමේ දෛනික කාර්යද පවුරු සහිත නගරවලට මුහුණ දීමද (6:1-5) පරාජයන් අධෛර්යයමත් කිරීමද (7:3-5) අකාන්ගේ සොරකමද (7:16-26) සහ අඛණ්ඩ සටන්ද (10-11 පරිච්ඡේද) ඊට ඇතුළත් විය.

යෝෂුවාගේ මුහුණට හමන සළඟ ඔහුගේ ජීවිතය ඔසවන්නේ ඔහු දෙවියන්වහන්සේගේ උපදෙස් වලට සවන් දීමෙන් පමණකි. දෙවියන්වහන්සේ පැවසුවේ “මුලු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ….. එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට ශුභ සිද්ධ වන්නේය” (යෝෂුවා 1:7-8) යනුවෙනි.

කුමක් වූවත් දෙවියන්වහන්සේගේ මාර්ගයන් අනුගමනය කරන්න ඔබ අධිෂ්ඨාන කර ගෙන සිටිනවාද? එසේ නම් අභියෝග සොයා බලන්න. නිර්භීතව සුළඟට පියාසර කර ඔබගේ ආත්මය එසවෙන සැටි බලන්න.