පිරූඇට් යනු බැලරිනා සහ සමකාලීන නර්තන ශිල්පීන් විසින් එක වර ඇඟිලි තුඩු වලින් සිට ගෙන කරන සුන්දර කරකැවිල්ලකි. කුඩා කාලයේදී මගේ හිසට කරකැවිල්ල පැමිණ මා ඇද ගෙන වැටෙන තුරුම මගේ නවීන නර්තන පංතියේදී වටේට කැරකෙමින් පිරුඇට් කිරීමට මම කැමති වූයෙමි. මම වයසට යත්ම මගේ සමබරතාවය සහ පාලනය පවත්වා ගැනීමට මට උපකාර කිරීමට මම ඉගෙන ගත් උපක්‍රමයක් නම් පූර්ණ රවුමක් කැරකී අවසන් කරන සෑම අවස්ථාවකම එක් ස්ථානයක් වෙත මගේ දෑස් යොමු කර තබා ගෙන එම ස්ථානයට පැමිණීමයි. එකම ස්ථානයක් වෙත ඇස් යොමු කර තබා ගෙන මගේ පිරූඇට් කරකැවීමට සුන්දර අවසානයක් ලබා දීමට මට අවශ්‍ය වුනි.

අපි සියලු දෙනාම ජීවිතයේ නොයෙකුත් ගැටීම් වලට මුහුණ දෙන්නෙමු. කෙසේ වෙතත් අපි අපගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන විට අපට මුහණ පෑමට සිදුවන දේ කළමනාකරණය කර ගත නොහැකි සේ පෙනෙන අතර එය අප කරකැවිල්ලට පත් කර විනාශකාරී වැටීමක් කරා අපව ගෙන යන්නේය. බයිබලය අපට සිහිගන්වන්නේ අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපේ මනස අවධානයෙන් තබා ගන්නේ නම් උන්වහන්සේ අපව “ශාන්ත සමාදානයෙන්” තබන බවයි (යෙසායා 26:3). පරිපූර්ණ සමාදානය යන්නෙන් අදහස් කරන්නේ ජීවිතයේ කෙතරම් හැරීම් සිදු වූවත් අපට සන්සුන්ව සිටිය හැක්කේ අපගේ ගැටලු සහ පරීක්‍ෂා තුළින් දෙවියන් වහන්සේ අප සමග සිටින බවට ඇති සහතිකය නිසාය. උන්වහන්සේ “සදාකාලික පර්වතය” වන සේක (4 පදය). අපගේ ඇස් යොමු කළ යුතු අවසාන “ස්ථානය” වන්නේය. මක්නිසාද උන්වහන්සේගේ පොරොන්දු කිසි විටෙකත් වෙනස් නොවන හෙයිනි.

අපි සෑම දිනකම යාච්ඤාවෙන් උන්වහන්සේ වෙත යමින් දේව වචනයෙහි උන්වහන්සේගේ පොරොන්දු අධ්‍යයනය කරන විට අපි උන්වහන්සේ දෙස දෑස් යොමු කරන්නෙමු. මුළු ජීවිතයම සුන්දරව ඉදිරියට ගෙන යාමට අපගේ සදාකාල පර්වතය වන දෙවියන්වහන්සේ කෙරෙහි අපි යැපෙමු.