හැරියට් ටබ්මාන්ට කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි විය. නව යොවුන් වියේදී කුරිරු වහල් ස්වාමියෙකුගේ අතින් ඇගේ හිසට තුවාල සිදු විය. ඇගේ ජීවිත කාලය පුරාම ඇයට වලිප්පුව හා සිහි නැතිවීම් සිදු වුනි. නුමුත් ඇය වහල් භාවයෙන් මිදුණු පසු තුන්සියයක් පමණ දෙනෙක්ව බේර ගන්න දෙවියන්වහන්සේ ඇයව යොදා ගත් සේක.

ඇය නිදහස් කළ අය විසින් “මෝසෙස්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ හැරියට් දකුණේ සිවිල් යුද්ධයට පෙර දහනව වතාවක් නිර්භීතව එහි ගියාය. ඇගේ හිසට මිළක් නියමව තිබියදීත් ඇගේ ජීවිතය නිරන්තර තර්ජනයට ලක්ව තිබියදීත් ඇය එය දිගටම කර ගෙන ගියාය. යේසුස්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ ඇය සෑම ගමනකදීම ගීතිකා පොතක් සහ බයිබලයක් රැගෙන ගියාය. අන් අයට ඇගේ පද කියවීමට ඉඩ ලබා දී ඒවා කටපාඩම් කර නිතර උපුටා දක්වන්න සැළැස්වූවාය. “මම නිතරම යාච්ඤා කළෙමි. මගේ කාර්යයන් ගැන; සෑම තැනකදීම. මම නිතරම ස්වාමින්වහන්සේ සමග කථා කළෙමි” ඇය කීවාය. කුඩා ජයග්‍රහණයන්ට පවා ඇය දෙවියන්වහන්සේට ස්තුති කළාය. ඇගේ ජීවිතය මුල් ක්‍රිස්තියානි ඇදහිලිවතුන්ට පාවුල් දුන් උපදෙස්වල බලවත් ප්‍රකාශයක් වුනි. “නිතරම ප්‍රීතිවන්න. නොකඩවා යාච්ඤා කරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය” (1 තෙසලෝනික 5:16-18).

අපි සෑම මොහොතකම දෙවියන්වහන්සේ වෙතට සැඹුරු වී යාච්ඤාව මත යැපෙමින් අපගේ දුෂ්කරතා මධ්‍යයේ වුවද උන්වහන්සේට ප්‍රශංසා කරන විට ඉතා අභියෝගාත්මක කාර්යයන් පවා සපුරාලීමට උන්වහන්සේ අපට ශක්තිය ලබා දෙන සේක. අප මුහුණ දෙන ඕනෑම දෙයකට වඩා අපේ ගැළවුම් කරුවාණන් ශ්‍රේෂ්ඨ වන අතර අපි උන්වහන්සේ දෙස බලා සිටින විට උන්වහන්සේ අපට මග පෙන්වන සේක.