ජෙන් කකුල් නොමැතිව ඉපදුන අතර ඇයව රෝහලේ අතහැර දමා තිබුණි. එහෙත් ඇය කියන්නේ දරුකමට හදා ගැනීම ආශිර්වාදයක් බවයි. “මම මෙතැනට ආවේ සමහර මිනිසුන්ගේ කරුණාව නිසාය”. ඇයට හදා වඩා ගත් පවුල ඇය “මෙසේ ඉපදුනේ හේතුවක් නිසා බව” දකින්න ඇයට උපකාර කළහ. ඔවුහු ඇයව උස් මහත් කළේ කිසි දිනෙක “බැහැ” නොකියන ලෙසටය. එසේම ඇයගේ සියලු කටයුතු වලදී විශේෂයෙන් ඇගේ පිනුම් කාරියක් වීමේ සහ ගුවන් වාදිනියක් වීමේ ආශාවන්ද ඇතුළත්ව ඇගේ සියලු කටයුතු වලදී ඇයව දිරිමත් කළහ. ඇය අභියෝගයන්ට මුහුණ දෙන්නේ “මම මෙය කෙසේ විසඳන්නද?” යන ආකල්පයෙනි. එසේම අන් අයවද එසේ කිරීමට පොළඹවන්නීය.

හැකියාව නැතැයි හෝ නුසුදුසු යයි හෝ පෙනෙන්න තිබුණද මෙවැනි බොහෝ අයව දෙවියන්වහන්සේ කෙසේ හෝ භාවිතා කළ බව බයිබලයේ සඳහන් වේ. මෝසෙස් ඉතා හොඳ උදාහරණයකි. ඊශ්‍රායෙල්වරුන්ව ඊජීප්තුවෙන් පිටතට ගෙන යාමට දෙවියන්වහන්සේ ඔහුව කැඳවූ විට ඔහු මෙම වගකීමෙන් වැළකීමට උත්සාහ කළේය (නික්මයාම 3:11; 4:1) සහ විරෝධය දක්වමින් “කථාවට අදක්‍ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මි” කියා කීවේය. “එවිට ස්වාමින්වහන්සේ කථා කොට : මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත්…. ස්වාමින්වහන්සේ වන මම නොවේද? දැන් යව. මම නුඹේ මුඛය සමග සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කිී සේක” 4:10-12). මෝසෙස් තව දුරටත් විරෝධය දක්වද්දී ආරොන්ට ඔහු වෙනුවෙන් කථා කිරීමට දෙවියන්වහන්සේ සැළැස්වූ අතර උන්වහන්සේ ඔවුන්ට උපකාර කරන බවට සහතික වූ සේක (13-15 පද).

ජෙන් සහ මෝසෙස් මෙන් අපි සියල්ලන්ම මෙහි සිටින්නේ හේතුවක් ඇතුවයි. එසේම දෙවියන්වහන්සේ කරුණාවෙන් අපට උදව් කරන සේක. අපට උපකාර කිරීමට උන්වහන්සේ මිනිසුන් සපයන අතර උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට අපට අවශ්‍ය දේ සපයන සේක.