ඒමොස් අධික ලෙස සමාජශීලි පුද්ගලයෙක් වූ අතර ඩැනී සැකයෙන් යුතුව හුදකලාවේ තනිවූ කෙනෙකි. කෙසේ වෙතත් මෙම අන්තයන් දෙකේවූ දෙදෙනා හොඳම මිතුරෝ වූහ. ඔවුහු දශකයක් සිනහසෙමින් එකට ඉගෙන ගත්හ. දවසක ඔවුන්ගේ නිර්මාණවලට නෝබෙල් ත්‍යාගයක් ලැබෙනු ඇත. නමුත් ඒමොස්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවලින් වෙහෙසට පත්වූ ඩැනී ඔවුන් තවදුරටත් මිතුරන් නොවන බව ඒමොස්ට පැවසුවේය.

දින තුනකට පසු ඒමොස් භයානක ආරංචියක් සමග කථා කළේය. වෛද්‍යවරු ඔහුගේ ශරීරයේ පිළිකාවක් ඇති බව සොයා ගත් අතර ඔහුට ජීවත් වීමට මාස හයක කාලයක් ලබා දී තිබුණි. ඩැනීගේ හදවත බිඳී ගියේය. “ඔබ අපි කවුරුන් කියා සිතුවත් අපි මිතුරෝ” ඔහු පැවසුවේය.

අපෝස්තලු පාවුල් දැඩි දැක්මක් ඇති දූරදර්ශිකයෙක් වූ අතර බාර්ණබස් මෘදු හදවතක් ඇති දිරිගන්වන්නෙක් විය. ආත්මයාණන්වහන්සේ ඔවුන්ව එකතු කර මිෂනාරී ගමනක් යැවූ සේක (ක්‍රියා 13:2-3). මාර්ක්ගේ හැර යාම සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවයක් නොවීම දක්වා ඔවුහු දේශනා කරමින් සභා ආරම්භ කළහ. බාර්ණබස්ට අවශ්‍ය වූයේ මාර්ක්ට දෙවන අවස්ථාවක් ලබා දීමටය. නමුත් පාවුල් පැවසුවේ මාර්ක්ව තවදුරටත් විශ්වාස කළ නොහැකි බවයි. එබැවින් ඔවුහු වෙන් වුහ (15:36-41).

පාවුල් අවසානයේදී මාර්ක්ට සමාව දුන්නේය. පාවුල් විසින් මාර්ක්ට සුභ පැතුම් හෝ ප්‍රශංසා හෝ සමග ලිපි තුනක් අවසන් කළේය (කොලොස්සි 4:10; 2 තිමෝති 4:11; පිලෙමොන් 1:24). බාර්ණබස්ට කුමක් වුනාද කියා අපට කිව නොහැකිය. මේ ජීවිතයේදී පාවුල් සමග සමාදාන වීමට තරම් දිගු කාලයක් ඔහු ජීවත් වූයේද? මම එසේ සිතමි.

අද දින ඔබගේ තත්ත්වය කුමක් වූවත් ඔබ සග අමනාප වී ඇති අයට ළංවීමට උත්සාහ කරන්න. ඔබ ඔවුන්ට කෙතරම් ප්‍රේම කරනවාද යන්න පෙන්වීමට සහ පැවසීමට දැන් කාලයයි.