ඵීසිවන ශත වර්ෂයේ මුල් කාලයේදී ඉතාලි කවියෙක් වන එෆ්. ටී. මැරිනෙට්ටි විසින් අතීතය ප්‍රතික්‍ෂේප කළ, අලංකාරය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් සමච්චලයට ලක් කළ සහ ඒ වෙනුවට යන්ත්‍රෝපකරණ උත්කර්ෂයට නංවන කලාත්මක ව්‍යාපාරයක් වන “ෆියුචරිසම්” දියත් කළේය. 1909 දී මැරිනෙට්ටි, ෆියුචරිසම් වල පොදු ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවීය. එහි ඔහු “කාන්තාවන්ට අවමානය” ප්‍රකාශ කළේය. “හස්තයෙන් පහර” ප්‍රශංසා කළේය. “අපට යුද්ධය ගෞරවයට නැංවීමට අවශ්‍යය” යනුවෙන් ප්‍රකාශ කළේය. ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙසේ අවසන් කරන ලදී : “ලෝකයේ මුදුනේ සිට ගෙන අපි තරු වලට අපගේ අහංකාර අභියෝගය නැවත දියත් කරමු!”

මැරිනෙට්ටිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වසර පහකට පසු නූතන යුද්ධය ඉතා උනන්දුවෙන් ආරම්භ විය. පළමු ලෝක මහා යුද්ධය මහිමය ගෙන ආවේ නැත. මැරිනෙට්ටිද 1944 දී මිය ගියේය. තරු තවමත් එසේම ස්ථාන ගතව සිටින අතර කිසිදු සැලකිල්ලක් නොදැක්වීය.

දාවිත් රජු තරු ගැන කාව්‍යමය ලෙස ගායනා කළ නමුත් එසේ කළේ නාට්‍යාකාර ලෙස වෙනස් දෘෂ්ටියකිනි. ඔහු මෙසේ ලිවීය : “ස්වකීය ඇඟිලි වැඩයවූ ඔබගේ අහස් තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනා කරන කල; ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:3-4). දාවිත්ගේ ප්‍රශ්නය අවිශ්වාසය පිළිබඳ එකක් නොව විශ්මිතවූ නිහතමානීකමයි. මෙම විශාල විශ්වය සෑදූ දෙවියන්වහන්සේ සැබවින්ම අප ගැන කල්පනාවෙන් සිටින බව ඔහු දැන සිටියේය. උන්වහන්සේ අප ගැන සෑම විස්තරයක්ම දන්නා සේක : එනම් හොඳ, නරක, නිහතමානී, අහංකාර අය පමණක් නොව මෝඩ දේවල් කරන අය ගැන පවා උන්වහන්සේ දන්නා සේක.

තරු වලට අභියෝග කිරීමෙන් කිසිම ඵලක් නැත. ඒ වෙනුවට අපගේ මැවුම්කරුවාණන්ට ප්‍රශංසා කරන්න කියා ඒවා අපට අභියෝග කරන්නේය.