වචන නැත. සංගීතය සහ චලනය පමණී. කෝවිඞ්-19 වසංගතය මධ්‍යයේ පැය විසි හතකර සුම්බා මැරතන් තරඟයක් අතරතුර ලෙව පුරා දහස් ගණනක් මිනිසුන් එකට ව්‍යායාම් කළ අතර ඉන්දියාව, චීනය, මෙක්සිකෝව, ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව, යුරෝපයේ සමහර ප්‍රදේශ සහ තවත් ස්ථාන කිහිපයක උපදේශක වරුන්ගේ උපදෙස් පිළිපැද්ද නිසා මෙම විවිධ පුද්ගලයන්ට භාෂාවන්ගෙන් බාධාවකින් තොරව එකට ගමන් කිරීමට හැකි වූහ. මන්ද? 1990 දශකයේ මැද භාගයේදී කොලොම්බියානු එරියෝබික් ව්‍යායාම් උපදේශකයෙකු විසින් නිර්මාණය කරන ලද සුම්බා ව්‍යායාමයේ උපදේශකයින් සන්නිවේදනය සඳහා වාචික නොවන ඉඟි භාවිතා කළ බැවිනි. පන්ති උපදේශකයන් මුලින් ගමන් කරන අතර සිසුහු ඔවුන්ගේ ක්‍රියාවලිය අනුගමනය කරති. ඔවුන් අනුගමනය කරන්නේ කිසිම වචනයක් කීමෙන් හෝ කෑගැසීමකින් තොරවය.

වචන සමහර විට බාධක ඇති කළ හැකිය. ඒවා පාවුල් විසින් කොරින්තිවරුන්ට ලියූ පළමු ලිපියේ සඳහන් වන පරිදි කොරින්තිවරුන් අත් විඳි ව්‍යාකූලත්වයට සමාන විය හැකිය. එම ව්‍යාකූලත්වයට හේතු වූයේ සමහර ආහාර වර්ග අනුභව කිරීම සම්බන්ධ මතභේදාත්මක කරුණු පිළිබඳ විවිධ අදහස් මතු වීමෙනි (1 කොරින්ති 10:27-30). නමුත් අපගේ ක්‍රියාවන්ට බාධක සහ ව්‍යාකූලත්වය පවා ඉක්මවා යා හැකිය. පාවුල් අද දින ඡේදයේ පවසන පරිදි අපගේ ක්‍රියාවන් තුළින් “බොහෝ අයගේ යහපත” සඳහා (10:32-33) යේසුස්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේදැයි මිනිසුන්ට පෙන්විය යුතුය. අපි “ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන” අතර උන්වහන්සේව විශ්වාස කිරීමට අපි ලෝකයට ආරාධනා කරමු (11:1).

යමෙක් වරක් පැවසූ පරිදි “සෑම විටම ශුභාරංචිය දේශනා කරන්න. අවශ්‍ය වූ විට වචන භාවිතා කරන්න”. අපි යේසුස්වහන්සේගේ මග පෙන්වීම අනුගමනය කරන විට අපගේ ඇදහිල්ලේ යථාර්ථයට අන් අයට ඉඟි කිරීමට අපගේ ක්‍රියාවන් උන්වහන්සේ විසින් මෙහෙයවන සේක්වා! තවද අපගේ වචන සහ ක්‍රියා “සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා” සිදු වේවා.