ලොම් සහිත වල්ගයක් ඇති මීයෙක් ඉව කරමින් සිටියේය. රසවත් යමක් අසළ විය. නිසැකවම, එම සුවඳ රසවත් බීජ වලින් පිරුණු කුරුල්ලන්ට කවන උපකරණයක් දෙසට විහිදුණි. මෙම මීයා දම්වැලෙන් බැස බීජ වලින් පිරුණු කවන උපකරණය වෙතට ගොස් දොරෙන් රිංගගෙන මුළු රාත්‍රිය පුරාම බීජ කෑවේය. ඔහුට මුහුණ දෙන්න සිදුවූ කරදරය ඔහුට වැටහුණේ උදෑසනය. කුරුල්ලෝ මෙම කවන උපකරණයේ දොරෙන් ඌට කොටන්න පටන් ගත්හ. බීජ සියල්ලක්ම කෑ මීයා දැන් උගේ ප්‍රමාණය මෙන් දෙගුණයක් වූ අතර පැන යාමට ඌට නොහැකි වුනි.

දොරවල් වලට අපව අපූරු ස්ථාන වලට මෙන්ම භයානක ස්ථාන වලටද ගෙන යා හැකිය. ලිංගික පෙළඹවීම් වළක්වා ගැනීම සම්බන්ධයෙන් හිතෝපදේශ 5 හි සාලමොන්ගේ උපදෙස්වල දොරක් කැපී පෙනේ. ලිංගික පාපය සිත් ඇදගන්නා නමුත් එය ලුහුබැඳ ගියහොත් කරදර එන බව ඔහු පවසයි (5:3-6). එයින් ඈත්ව සිටීම වඩාත් සුදුසුය. මන්ද ඔබ එම දොරෙන් ගමන් කළහොත් ඔබ කොටු වනු ඇත. ඔබේ ගෞරවය අහිමි වනු ඇත. එසේම ඔබේ ධනය ආගන්තුකයන් විසින් පැහැර ගනු ඇත (7-11 පද). ඒ වෙනුවෙන් අපේම සහකරු හෝ සහකාරියගේ සමීපත්වය භුක්ති විඳීමට සාලමොන් අපට උපදෙස් දෙයි (15-20). ඔහුගේ උපදෙස් පාපයට වඩා පුළුල් ලෙසද අදාළ විය හැකිය (21-23 පද). එය අධික ලෙස කෑම ගැනීමක් හෝ අධික ලෙස වියදම් කිරීමක් හෝ වෙනත් දෙයක් හෝ සඳහා පෙළඹවීමක් විය හැකිය. උගුලට තුඩු දෙන දොරකඩ වළක්වා ගැනීමට අපට උපකාර කිරීමට දෙවියන්වහන්සේට හැකිය.

නිවසේ හිමිකරු ඌව ඇගේ ගෙවත්තේ කුරුළු කෑම කවන උපකරණයෙන් සොයා ගෙන ඌව නිදහස් කළ විට මීයා සතුටු වෙන්න ඇති. වාසනාවකට මෙන් අප කොටු වූ විට අපව නිදහස් කිරීමට දෙවියන් වහන්සේගේ හස්තයද සුදානම්ව තිබේ. නමුත් පළමු කොටම උගුලේ දොරකඩෙන් වැළකීම සඳහා අපි උන්වහන්සේගේ ශක්තිය ඉල්ලා සිටිමු.