ලේඛක මර්ලින් මැක්එන්ටයර් “ඊර්ෂ්‍යයාවේ ප්‍රතිවිරුද්ධ පදය සැමරීම” බව මිතුරෙක්ගෙන් ඉගෙන ගැනීමේ කථාව බෙදා ගනියි. මෙම මිතුරියගේ ශාරීරික ආබාධ සහ දරුණු වේදනාවන් නිසා ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන් ඇගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීමේ හැකියාවන් සීමා වුවද ඇය මිය යන තෙක්ම “සෑම හමුවීමකම අගයක්” ගෙන එමින් ඉතා ඉහළින් ප්‍රීතිය තම ජීවිතයට එකතු කිරීමට සහ අන් සමග එය සැමරීමට සමත් වූවාය.

එම අවබෝධය “ඊර්ෂ්‍යයාවේ ප්‍රතිවිරුද්ධ දෙය සැමරීමයි” යන්න මා තුළ පැවතියේය. එය මගේම ජීවිතයේ මිතුරන් දයාවෙන් යුතුව අන් අය වෙනුවෙන් නිදහසේ ගැඹුරු ලෙස අව්‍යාජ ප්‍රේමය දක්වන ආකාරය මට සිහිපත් කළේය.

ඊර්ෂ්‍යාව යනු පහසුවෙන් හසු විය හැකි උගුලකි. එය අපගේ ගැඹුරුම දුර්වලතා, තුවාල සහ භීතීන් පෝෂණය කරමින් “අපි අහවලා අහවලා වාගේ වුවා නම් අපි අරගල වලට අසු වෙන්නේත් අපට නරකක් දැනෙන්නෙත් නැහැ” යනුවෙන් කොඳුරනු ඇත.

1 පේත්‍රැස් 1:2 හි පේත්‍රැස් විසින් නව ඇදිලිවතුන්ට මතක් කර දෙන පරිදි ඊර්ෂ්‍යයාව අපට පවසන බොරු වලින් “මිදීමට” ඇති එකම ක්‍රමය නම් සත්‍යයේ ගැඹුරින් මුල් බැස ගැනීමත් “ස්වාමින්වහන්සේ යහපත් බවත්” “රස විඳීම්” බවත්ය (1-3 පද). “දෙවියන්වහන්සේගේ ජීවමාන සහ කල්පවත්නා වචනය” (23 පදය) අපගේ ජීවිතයේ සැබෑ මූලාශ්‍රය බව දැන ගත් විට අපට “හදවතින්ම එකිනෙකාට ප්‍රේම” කළ හැකි වන්නේය (1:22).

ප්‍රේමණීය සමාජයකට අයත් “තෝරාගත් වංශයක්ද……දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද” වන බව සිහිපත් කරන විට අප සැබවින්ම කවුරුන්ද යන්න කියා අපට සංසන්දනය කිරීමට අවශ්‍යතාවයක් වන්නේ නැත. “අන්ධකාරයෙන් උන්වහන්සේගේ විශ්මපත් ආලෝකයට” අපව කැඳවා තිබේ (1 පේත්‍රැස් 2:9).