2013 දී බ්‍රිතාන්‍ය ඬේවිඞ් සුවෙට් අගතා ක්‍රිස්ටිගේ ආදරණීය බෙල්ජියම් රහස් පරීක්‍ෂක හර්කියුල් පොයිරොට් ලෙස අවසන් රූපවාහිනී කථාංග රූගත කරමින් සිටියේය. “ඔහුගේ ජීවිතයේ විශාලම චරිතය භාර ගන්නා විට ඔහු වේදිකා නාට්‍යයකද රඟපාමින් සිටියේය. එම ව්‍යාපෘති අතර තුර ඔහු මුළු බයිබලයේම උත්පත්ති සිට එළිදරව් දක්වා වචන 752,702 ක් පැය දෙසියයකට වැඩි ශ්‍රව්‍ය පිටපතක් පටිගත කළේය.

හෝටල් කාමරයකින් සොයාගත් බයිබලයක රෝම පොත කියවීමෙන් පසු යේසුස්වහන්සේව අදහන්නෙක් වූ සුවෙට් මෙම ව්‍යාපෘතිය හැඳින්වූයේ “අවුරුදු 27 ක දිගුකාලීන අභිලාෂයක් ඉටු වීමක් ලෙසිනි. මගේ මුළු හදවතින්ම මෙය ඉෂ්ට කරන්නට දැඩි පෙළඹවීමක් ඇති වුනි. එහි සෑම කොටසක් ගැනම බොහෝ පර්යේෂණ කළ අතර එය අවසන් කිරීමට මම නොඉවසිල්ලෙන් සිටියෙමි”. ඉන්පසු ඔහු තම වැටුප පරිත්‍යාග කළේය.

ඔහුගේ පටිගත කිරීම, තමාගේ තලෙන්ත භාවිතා කරමින් එය දෙවියන්වහන්සේව මහිමයට පත් කරන්නේ කෙසේද සහ ඉන්පසු එය බෙදා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පෙළඹවීමක් ඇති කරන උදාහරණයක්ව පවතී. පළමු ශතවර්ෂයේ ඇදහිලිවතුන්ට ලියූ ලිපියෙන් අපෝස්තලු පේත්‍රැස් එවැනි භාරකාරත්වයක් ඉල්ලා සිටියේය. සීසර්ට නොව යේසුස්වහන්සේට නමස්කාර කිරීම නිසා පීඩා විඳි ඔවුන්ට ඒ වෙනුවට අභියෝග කරනු ලැබූවේ ඔවුන්ගේ අධ්‍යාත්මික දීමනා පෝෂණය කරමින් දෙවියන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමටය.
“යමෙක් කථා කෙරේ නම් දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථා කරාවා” (1 පේත්‍රැස් 4:11). සියලු දීමනා මෙන් අපට ඒවා වර්ධනය කළ හැක්කේ “දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිසය”.

සුචෙට් තම දක්‍ෂතා දෙවියන්වහන්සේට භාර කළේය. අපටත් එසේම කළ හැකිය. දෙවියන්වහන්සේ ඔබට ලබා දී ඇති දීමනා කුමක් වූවත් උන්වහන්සේගේ මහිමය සඳහා එය හොඳින් කළමනාකරණය කරන්න.