තම පියා මිය ගිය පසු පියාගේ බඩු බාහිරාදිය ගෙන ඒමට කෙවින් ආරෝග්‍ය ශාලාවට ගියේය. කාර්ය මණ්ඩලය ඔහුට කුඩා පෙට්ටි දෙකක් දුන්නෝය. ඇත්තටම සතුටින් සිටින්න වස්තු සම්භාරයක් අවශ්‍ය නොවන බව එදා තමාට වැටහුණු බව කෙවින් පැවසීය.

ඔහුගේ පියා වන ලැරීට ජීවිතය බරක් නොවූ අතර සෑම විටම සිනහවකින් සහ අන් අයව දිරිගන්වන වචනයකින් සුදානම්ව සිටියේය. ඔහුගේ ප්‍රීතියට හේතු වූයේ පෙට්ටියකට නොගැලපෙන තවත් “සන්තකයක්” ඔහුට හිමි වූ හෙයිනි. එනම් : ඔහුගේ මිදුම්කරු වන යේසුස්වහන්සේ කෙරෙහි නොසැලෙන විශ්වාසයයි.

යේසුස් වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ “ස්වර්ගයේ වස්තු රැස්කර තබා ගන්න” කියාය (මතෙව් 6:20). අපටම කියා නිවසක් හෝ වාහනයක් මිළදී ගැනීමක් හෝ අනාගතයට ඉතුරු කර තබා ගැනීම හෝ බොහෝ දේ තබා නොගන්න යැයි හෝ උන්වහන්සේ කීවේ නැත. නමුත් උන්වහන්සේ අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ අපගේ හදවතේ අවධානය පරීක්‍ෂා කරන ලෙසටයි. ලැරීගේ අවධානය යොමු වූයේ කොහාටද? අන් අයට ප්‍රේම කිරීම මගින් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට ඔහුගේ සිත යොමු වුනි. ඔහු තමා ජීවත් වූ ශාලාවල ඇවිදිමින්ද තමාට හමුවන අයට ආචාර කරමින් සහ දිරිගන්වමින්ද සිටියේය. යමෙක් කඳුළු සලමින් සිටියේ නම් ඔහු සිටියේ සැනසිලිදායක වචනයකින් හෝ සවන් දෙන කනකින් හෝ හෘදයාංගම යාච්ඤාවකිනි. ඔහුගේ සිත යොමු වූයේ දෙවියන්වහන්සේගේ ගෞරවය සහ අන් අයගේ යහපත උදෙසා ජීවත් වීමටය.

දෙවියන්වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීමට වඩා අපව කලබල කරන සහ අපගේ අවධානය වෙනතකට යොමු කරන දේවල් ස්වල්පයකින් අපට ප්‍රීතිමත් විය හැකිදැයි අප විසින් අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි.
“මක්නිසාද (අපගේ) වස්තුව යම් තැනෙක්හිද (අපගේ) සිතත් එතැන්හිම වන්නේය” (21 පදය). අප අගය කරන දේ පිළිඹිබු කරන්නේ අප ජීවත්වන ආකාරයයි.