කඹයක් ලිහෙනවා වගේ ඩග් මර්කිගේ ජීවිතයේ දේවල්ද එකින් එක කැඩෙන්න පටන් ගත්තේය. “පිළිකාව සමග දිගු කාලීන සටනකින් මගේ මව පරාජය වූවාය. දිගු කාලීන ප්‍රේම සම්බන්ධතාවයක් අසාර්ථක විය. මගේ මුදල් පිරිහෙමින් තිබුණි. මගේ වෘත්තිය මීදුමෙන් වැසී ගියේය….. මා වටා සහ මා තුළ වූ චිත්තවේගය සහ අධ්‍යාත්මික අන්ධකාරය ගැඹුරු සහ දුර්වලවූ අතර නොපෙනෙන ලෙස තිබුණි” කියා මූර්ති ශිල්පියෙක් වූ දේවගැතිවරයා ලීවේය. මෙම සාමුහික සිදුවීම් පටු අට්ටාලයක ජීවත් වීම සමග ඒකාබද්ධව “සැඟවෙන ස්ථානය” නම් වූ ඔහුගේ මූර්තිය මතු වීමට පසුබිම බවට පත් වුනි. මෙම මූර්තියෙන් පෙන්නුම් කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිමත් ඇණ ගැසූ කැළැල් සහිත එකට තබා ගත් දෑත් ආරක්‍ෂිත ස්ථානයක් ලෙසයි.

ඩග් ඔහුගේ කලා කෘතියේ සැළසුම මෙසේ පැහැදිලි කරයි : “මූර්තියේ කථාව යනු ක්‍රිස්තුස්වහන්සේ තුළ සැඟවීමට උන්වහන්සේ කරන ආරාධනයයි”. ගීතාවලිය 32 හි දාවිත් ලියා ඇත්තේ අවසාන ආරක්‍ෂිත ස්ථානය දෙවියන්වහන්සේම බව සොයා ගත් කෙනෙකු ලෙසයි. උන්වහන්සේ අපගේ පාපයට සමාව ලබා දෙන සේක (1-5 පද). කැලඹීම් මධ්‍යයේ යාච්ඤා කිරීමට අපව දිරිමත් කරන සේක (6 පදය). 7 වන පදයේ ගීතිකාකරු දෙවියන්වහන්සේ කෙරෙහි තම විශ්වාසය ප්‍රකාශ කරයි : “මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය. දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්‍ෂා කරන සේක. මිදීමේ ගීතිකාවලින් ඔබ මා වට කරන සේක”.

කරදර පැමිණෙන විට ඔබ හැරෙන්නේ කොහාටද? අපගේ භූමික පැවැත්මේ බිඳෙන සුළු බැදීම් ලිහෙන විට යේසුස්වහන්සේගේ සමාව දීමේ කාර්යය තුළින් සදාකාලික ආරක්‍ෂාව ලබා දුන් දෙවියන්වහන්සේ වෙතට දිව යා හැකි බව දැන ගැනීම කෙතරම් හොඳද?