මගේ බිළිඳු සහෝදරයා ශල්‍ය කර්මයකයට මුහුණ දුන් විට මම කලබල වීමි. “දිව බැඳී තිබේ” (අන්කිලොග්ලෝසිය) ලෙස හඳුන්වනු ලබන්නේ ඔහුට උපතින්ම ඇතිවූ රෝග තත්ත්වයක් වන බවත් උපකාරයක් නොමැතිව ඔහුට ආහාර ගැනීමේ සහ අවසානයේ කථා කිරීමේ හැකියාවටද බාධා විය හැකි බවත් මගේ මව පැහැදිලි කළාය. අද අපි “දිව බැඳී තිබේ” යන වචන පාවිච්චි කරන්නේ කථා කිරීමට වචන නැති වීම සහ ලැජ්ජා වීම විස්තර කිරීමටය.

සමහර අවස්ථාවලදී කුමක් කිව යුතුද යන්න නොදැන අපට යාච්ඤාවේදී “දිව බැඳී තිබෙන්න” පුළුවන. නිතරම කියවන ආත්මික වචන සහ නිතරම කියවන වාක්‍ය ඛණ්ඩ සමග අපගේ දිව බැඳී තිබේ. අපි අපේ හැඟීම් අහස දෙසට යොමු කරන්නේ ඒවා දෙවියන්වහන්සේගේ කන්වලට ළඟා වේදැයි සිතමිනි. අපගේ සිතුවිලි අවධානය නොකළ වංගු සහිත මාර්ගයක් ඔස්සේ ගමන් කර තිබේ.

පළමු ශතවර්ෂයේ ක්‍රිස්තුස් වහන්සේ තුළ රෝම ඇදහිලිවන්තයන්ට ලියමින් යාච්ඤා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අප අරගල කරන විට කුමක් කළ යුතුදැයි පෙන්වා දෙමින් අපෝස්තලු පාවුල් ශුද්ධාත්මයාණන් ගෙන් උපකාර සොයා ගැනීමට අපට ඇරයුම් කරන්නේය. “ආත්මයාණන් වහන්සේත් අපගේ දුර්වල කම්වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව. නුමුත් ආත්මයාණන් වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදිහත්කම් කරන සේක” (රෝම 8:26). මෙහි “උදව්” යන සංකල්පයෙන් අදහස් වන්නේ අධික බරක් දැරීමයි. “කිය නොහැකි කෙඳිරිගෑම්” යන්නෙන් පෙන්නුම් කරන්නේ ආත්මයාණන් වහන්සේ අපගේ අවශ්‍යතාවයන් දෙවියන්වහන්සේ වෙත ගෙන යද්දී දැනෙන මැදිහත් කමේ අභිමුඛයයි.

යාච්ඤාවේදී අපගේ දිව බැඳී තිබෙන විට අපගේ ව්‍යාකූලත්වයෙන්, වේදනාවෙන් සහ අවධානය බිඳීමෙන් වන අපගේ යාච්ඤාව පරිපූර්ණ එකක් බවට සකස් කර අපගේ හදවතේ සිට එය දෙවියන්වහන්සේගේ සවන් දක්වා ගෙන යාමට දෙවියන්වහන්සේගේ ආත්මය අපට උපකාර කරන සේක. උන්වහන්සේ සවන් දී පිළිතුරු ලබා දෙන සේක. අප වෙනුවෙන් යාච්ඤා කරන්න යැයි අපි උන්වහන්සේගෙන් ඉල්ලන තුරු අපට අවශ්‍ය යයි අප නොදන්නා නියම සැනසුම උන්වහන්සේ ගෙන දෙන සේක.