2019 දී ළදරු ලිංගභේදය හෙළිදරව් කිරීම නාට්‍යාකාරයෙන් සිදු විය. ජූලි මාසයේදී මෝටර් රථයක් නිල් පැහැති දුමක් නිකුත් කරන වීඩියෝ පටයකින් දැන්වූයේ “ඒ පිරිමි දරුවෙක්” කියාය. සැප්තැම්බර් මාසයේදී ටෙක්සාස් ප්‍රාන්තයෙහි ගුවන් යානයක් රෝස පැහැති ජලය ගැලුම් ගණනක් ගුවනින් පහළට වත් කළේ “ඒ ගැහැණු දරුවෙක්” කියා දැන්වීමටය. මෙම දරුවන් හැදී වැඩෙන ලෝකය පිළිබඳ වැදගත් කරුණු අනාවරණය කරන තවත් “එළිදරව්වක්ද” සිදු විය. 2019 අවසානයේදී යූ-වර්ෂන් නැමැති බයිබල් පරිඝණක ජාලයක් කළ සමීක්‍ෂණයකදී එහි සබැඳි සහ ජංගම බයිබලය මත වසරේ වඩාත්ම බෙදාගත් උද්දීපනය කරන ලද සහ පිටු සළකුණු කළ පදය වූයේ පිලිප්පි 4:6 පදයය : “නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න”.

එය ඇත්තෙන්ම එළිදරව්වකි. මේ දිනවල මිනිසුන් බොහෝ දේ ගැන කනස්සල්ලට පත්ව සිටිති. ඒවා නම් : අපගේ දූ පුතුන්ගේ අවශ්‍යතාවයන්ගේ සිට පවුලේ අය සහ මිතුරන් බෙදී ඇති අසංඛ්‍යාත ආකාර දක්වාත් ස්වාභාවික විපත් සහ යුද්ධ දක්වාත්ය. නමුත් මේ සියලු කරදර මධ්‍යයේ “කිසිවක් ගැන කණගාටු නොසිතන්න” යන දේව වචනයට බොහෝ දෙනා ඇලී සිටීම සතුටට කරුණකි. තවද ඒ මනුෂ්‍යයන්ම
“සියල්ලෙහිදී” දෙවියන් වහන්සේට සෑම ඉල්ලීමක්ම ඉදිරිපත් කරන්නට අන් අය මෙන්ම තමන්වද දිරිමත් කර ගනිති. ජීවිතයේ කරදරවලට මුහුණ දෙමින් ඒවා නොසළකා හරින මානසිකත්වයක් ලබා දෙන්නේ “ස්තුති දීම” තුළිනි.

“වසරේ පදය” නොවන නමුත් එය අනුගමනය කරන පදය නම් “දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්‍ෂා කරනවා ඇත” (7 පදය). නැවත සහතික කිරීම වන්නේ එයයි.