අපි ජීවත් වන්නේ කඩදාසි තුවායේ සිට ජීවිත රක්‍ෂණය දක්වා පුළුල් පරාසයක තේරීම් සපයන ලෝකයකය. 2004 දී මනෝවිදාඥ බැරී ෂ්වාට්ස් ලියූ “ද පැරඩොක්ස් ඔෆ් ලයිෆ්” නම් පොතේ ඔහු තර්ක කළේ තේරීමේ නිදහස අපගේ යහ පැවැත්මට වැදගත් වන අතර බොහෝ තේරීම් අවස්ථාවන් මනසට අධි බරක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. කුමන කඩදාසි තුවායක් මිළදී ගත යුතුද යන්න තීරණය කිරීමේදී මානසික බරක් නොතිබුණද අපගේ ජීවිත ගමනට බලපාන ප්‍රධාන තීරණ ගැනීමේදී අවිනිශ්චිතතාවය ඇති විය හැකිය. එසේ නම් අවිනිශ්චිතතාවයෙන් මිදී අපට යේසුස්වහන්සේ උදෙසා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැක්කේ කෙසේද?

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් ලෙස ඉතා තීරණාත්මක අවස්ථාවන්වලට මුහුණ දෙන විට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සෙවීම අපට උපකාර කරන්නේය. අපි ජීවිතයේ ලොකු හෝ කුඩා ඕනෑම දෙයක් ගැන තීරණය කරන විට දේව වචනයේ අපට උපදෙස් දෙන්නේ “නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න” (හිතෝපදේශ 3:5) කියාය. අපි අපගේම විනිශ්චය මත රඳා සිටින විට අපි කලබලයට පත්වී වැදගත් විස්තරයක් මග හැරීම හෝ වැරදි තේරීමක් කිරීම ගැන හෝ කරදර විය හැකිය. කෙසේ වෙතත් පිළිතුරු සඳහා අප දෙවියන්වහන්සේ දෙස බලන කල උන්වහන්සේ “(අපේ) මාවත් සමතලා කරනවා ඇත” (6 පදය). අපගේ එදිනෙදා ජීවිතයේ තීරණ ගන්නා විට උන්වහන්සේ අපට පැහැදිලි බවක් සහ සාමයක් ලබා දෙන සේක.

අපගේ තීරණවල බර නිසා අපගේ ජීවිත අඩපණ වෙනවාට හෝ යටපත් වෙනවාට හෝ දෙවියන්වහන්සේ කැමති නැත. අපි යාච්ඤාවෙන් යුතුව අපගේ ප්‍රශ්න උන්වහන්සේ වෙත ගෙන යන විට උන්වහන්සේ සපයන ප්‍රඥාව සහ මග පෙන්වීම තුළ අපට සමාදානය සොයා ගත හැකිය.