එය සෙනසුරාදා දහවල් නිස්කලංක ගං ඉවුරේ උද්‍යානයක් වූ අතර ව්‍යායාම්වල යෙදෙන අය එසේ කරති. මාළු අල්ලන කූරු කැරකෙති. මුහුදු ලිහිණියෝ මාළුන්ටත් චිප්වලටත් පොරකති. මමත් මගේ බිරිඳත් ජෝඩුවක් දෙස බලා සිටියෙමු. ඔවුන් වයස අවුරුදු හතළිස් ගණන් පමණ වන අපට නොතේරෙන භාෂාවක් කථා කරමින් සිටියහ. ස්ත්‍රිය පුරුෂයාගේ ඇස් දෙස බලා සිටියාය. ඔහු නිදහසින් ඔහුගේම භාෂාවෙන් ප්‍රේම ගීතයක් ඇයට ගායනා කළ අතර අප සැමට ඇසෙන පරිදි එය සුළඟේ පාවී ආයේය.

මෙම ප්‍රීතිමත් ක්‍රියාව මට ශෙපනියා පොත ගැන සිතීමට හේතු වුනි. ඒ ඇයි කියා මුළදී ඔබට සිතෙනු ඇත. ශෙපනියාගේ දවස්වලදී දෙවියන්වහන්සේගේ සෙනග බොරු දෙවිවරුන්ට හිස නැමීමෙන් දූෂිත වී සිටියහ (1:4-5). ඊශ්‍රායෙල්හී අනාගතවක්තෘවරුන් සහ පූජකයන් අහංකාරව අපවිත්‍රව සිටියහ (3:4). පොතේ වැඩි හරියක ශෙපනියා ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලයට පමණක් නොව පෘථිවියේ සියලුම ජාතීන් කෙරෙහි දෙවියන් වහන්සේගේ විනිශ්චය පැමිණෙන බවය (8 පදය).

එසේ වූවත් ශෙපනියා තවත් දෙයක් දකින්නේය. ඒ අඳුරු කාලයේදී දෙවියන්වහන්සේට මුලු හදවතින්ම ප්‍රේම කරන සෙනගත් මතු වන බවයි (9-13 පද). මෙම සෙනගට දෙවියන්වහන්සේ තම ආදරණියයා ගැන සතුටු වන මනාලයෙක් මෙන් වනු ඇත : “උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීති වී තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටින සේක. ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වන සේක” (17 පදය).

මැවුම්කරුවාණන්, පියාණන්, රණ ශූරයන් සහ විනිශ්චයකාරයාණන්. දේව වචනය දෙවියන්වහන්සේ සඳහා බොහෝ පදවි නාම භාවිතා කරයි. එහෙත් අප වෙනුවෙන් ආදර ගීතයක් උන්වහන්සේගේ තොල් මත තබා ගෙන සිටින ගායකයෙක් ලෙසට උන්වහන්සේව දකින්නේ අපගෙන් කීයෙන් කී දෙනාද?