“එංගලන්තයේ ආරක්‍ෂකයා” ලෙස හඳුන්වනු ලැබූ ඔලිවර් ක්‍රොම්වෙල් දහහත් වන සියවසේ හමුදාපති වරයෙකි. වැදගත් පුද්ගලයන්ගේ චිත්‍ර ඇඳීම ඒ කාලයේ සාමාන්‍ය සිරිතක් වුනි. එසේම පුද්ගලයෙක්ගේ මුහුණෙහි අඩු ආකර්ශණීය අංග නිරූපණය කිරීමෙන් චිත්‍ර ශිල්පියෙක් වැළකී සිටීම අසාමාන්‍ය දෙයක් නොවේ. කෙසේ වෙතත් තමාව අධික ලෙස ප්‍රශංසාවට ලක් කෙරෙන චිත්‍රයක් සමග සම්බන්ධ වීමට ක්‍රොම්වෙල්ට අවශ්‍ය වූයේ නැත. ඔහු කලාකරුවාට අවවාද කළේය. “ඔබ මා සිටින ආකාරයටම මාව පින්තාරු කළ යුතුය. ඉන්නන් සහ සියල්ල සමග. නැත්නම් මම ඔබට ගෙවන්නේ නැත”.

පෙනෙන හැටියට කලාකරුවා එකඟ වුනි. ක්‍රොම්වෙල්ගේ නිමි මූර්තියේ මුහුණේ ඉන්නන් කිහිපයක් ප්‍රදර්ශනය වන්නේය. වර්තමානයේ සමාජ මාධ්‍යවල පළ කිරීමට ප්‍රථමයෙන් ඒවා නිසැකවම මකා දමනු ලබන්නේය.

“ඉන්නන් සහ සියල්ල” යන ප්‍රකාශනයේ අර්ථය වන්නේ මිනිසුන් ඔවුන් සිටින ආාකාරයටම පිළිගත යුතු බවයි. එනම් ඔවුන්ගේ සියලු කරදරකාරී වැරදි, ආකල්ප සහ ගැටළු සමගින්. සමහර අවස්ථාවන් වලදී එය ඉතා දුෂ්කර ලෙස අපට හැඟෙනු ඇත. එහෙත් අපි දැඩිව අභ්‍යන්තරය දෙස බැලුවහොත් අපගේ චරිතයේ ඉතා ආකර්ශණීය නොවන පැති කිහිපයක් අපට සොයා ගත හැකි වන්නේය.

දෙවියන්වහන්සේ අපගේ “ඉන්නන්ට” සමාව දීම ගැන අපි කෘතඥ වෙමු. එසේම කොලොස්සි 3 හි අන් අයටත් කරුණාව දක්වන ලෙසට අපට උගන්වා ඇත. ප්‍රේම කිරීමට පහසු නොවන අයට පවා ඉවසිලිවන්ත වීමට, කාරුණික වීමට සහ දයානුකම්පිත වීමට අපෝස්තලු පාවුල් අපව දිරිමත් කරයි. දෙවියන්වහන්සේ අපට සමාව දෙන ආකාරයටම සමාව දෙන ආත්මයක් ඇති කර ගන්නා ලෙස ඔහු අපෙන් ඉල්ලා සිටියි (12-13 පද). දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරයටම එම ආදර්ශයෙන් අන් අයට ප්‍රේම කිරීමට අපටත් උගන්වා ඇත : එනම් අන් අයගේ “ඉන්නන් සහ සියල්ල” ඇතුළුව.