රෝමයේ පළමු අධිරාජ්‍යයා වූ සීසර් ඔගස්ටස්ට (ක්‍රි:පූ:63-ක්‍රි.ව.14) අවශ්‍ය වූයේ නීතිය හා සාමය පිළිබඳ පාලකයෙක් ලෙස ප්‍රසිද්ධ වීමටය. වහල් ශ්‍රමය, හමුදා ජයග්‍රහණ සහ මූල්‍ය අල්ලස් මත ඔහු තම අධිරාජ්‍යය ගොඩ නගා ගත්තද යම් නීතිමය ක්‍රියාවලියක් ප්‍රතිෂ්ඨාපනය කර ඔහුගේ පුරවැසියන්ට ලස්ටීශියා නම් වූ දේවතාවිය ලබා දුන්නේය. ඇය අද අපගේ යුක්තිය පසිඳා ලීමේ “ලේඩි ජස්ටිස්” නොහොත් “යුක්තියේ ආර්යයාව” ලෙස හැඳින්වේ. එසේම ඔහු කැඳවූ සංගණනයක් නිසාම මරියා සහ යෝසෙප්ව බෙත්ලෙහෙමට ගෙන ආවේ ලෝකය අවසානය තෙක් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පැතිරෙන දිගු කලක් බලා සිටි පාලකයෙකුගේ උපත සඳහාය (මීකා 5:2-4).

සැබෑ යුක්තිය කෙබඳුදැයි පෙන්වීමට වඩාත් ශ්‍රේෂ්ඨ රජෙකු ජීවත් වී මිය යන්නේ කෙසේදැයි ඔගස්ටස් හෝ සෙසු ලෝකයා අපේක්‍ෂා නොකළ දෙයකි. ශත වර්ෂ ගණනාවකට පෙර දෙවියන්වහන්සේගේ සෙනග නැවත වරක් බොරුව, ප්‍රචණ්ඩත්වය සහ “අයුතු ලෙස උපයාගත් වස්තු” සංස්කෘතියකට වැටී තිබුණි (6:10-12). දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය ජාතියට උන්වහන්සේව නොපෙනී ගොස් තිබුණි. එකිනෙකා හරිව තිබෙන දේ කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔවුන්ගේ ලෝකයට පෙන්වීමත් ඔවුන් උන්වහන්සේ වෙත යටත්ව හැසිරීමත් දෙවියන්වහන්සේ ආශා කළ සේක (8 පදය).

රිදවන, අමතක වූ සහ අසරණ වූ මිනිසුන් අපේක්‍ෂා කරන ආකාරයේ යුක්තිය පුද්ගලාරෝපණය කිරීමට සේවක රජෙක් අවශ්‍ය වුනි. දෙවියන්වහන්සේ සහ මිනිසුන් අතරද පුද්ගලයා සහ පුද්ගලයා අතරද නිවැරදි සබඳතා දැකීම පිණිස යේසුස්වහන්සේ තුළ මීකාගේ අනාවැකිය ඉටුවීම අවශ්‍ය විය. මෙය පැමිණිය යුතු වන්නේ බාහිරව ක්‍රියාත්මක වන සීසර්ගේ වැනි නීතිය හා සාමය තුළින් නොව අපගේ සේවක රජු වන යේසුස්වහන්සේ තුළින් පැමිණෙන දයාවේ යහපත්කමේ සහ ආත්මයේ නිදහස තුළිනි.