ජෙන් තරුණ වියේදී ඇගේ ඉරිදා පාසැල් ගුරුවරිය විසින් ශුභාරංචිය බෙදා ගැනීම සඳහා දේව වචනයේ පද කිහිපයක් සහ සූත්‍රයක් කට පාඩම් කිරීමට ඔවුන්ගේ ඉවැන්ජලිස්ත පුහුණුව පිළිබඳ පන්තියට හොඳ හිතකින් උපදෙස් දුන්නාය. ජෙන් සහ මිතුරෙක් තවත් මිතුරියකට ශුභාරංචිය කථා කිරීමට ඉදිරියට ගියේ ඔවුන්ට වැදගත් පදයක් හෝ පියවරක් හෝ අමතක වේය යන බියෙනි. එම “සන්ධ්‍යාවේ තමන්ගේ යෙහෙළිය ස්වාමින්වහන්සේ වෙතට පැමිණියේද කියා ඇයට අමතක වූවත් ඇය සිතන ආකාරයට එවැනි හැරවීමක් සිදු වූයේ නැත”. මෙම ප්‍රවේශය පුද්ගලයාට වඩා සූත්‍රයට වැඩි අවදානමක් දෙන බව පෙනෙන්ට තිබුණි.

දැන් වසර ගණනාවකට පසු ජෙන් සහ ඇගේ ස්වාමිපුරුෂයා තම දරුවන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ ඔවුන්ගේ ඇදහිල්ල වඩාත් ආරාධිත ආකාරයකින් බෙදාගැනීමට තමන්ගේ ජීවිතය සකස් කර ගනිමින් සිටිති. දෙවියන්වහන්සේ ගැනත් බයිබලය ගැන මෙන්ම යේසුස්වහන්සේ සමග පෞද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැදගත් කම ගැනත් ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වීමේ වැදගත්කම ඔවුන් තේරුම් ගෙන සිටිති. නමුත් ඔවුන් එය කරන්නේ දෙවියන්වහන්සේට සහ දේව වචනයට ඇති ආදරය පිළිබඳ ජීවමාන දෛනික ආදර්ශයක් හරහාය. ඔවුන් එසේ කරන්නේ “ලෝකයේ ආලෝකය” වන්නේත් (මතෙව් 5:14) කරුණාවද ප්‍රියමනාප වචනද මගින් අන් අය වෙත ළඟාවන්නේත් කෙසේද යන්න පෙන්වා දීමටය. ජෙන් පවසන්නේ “අප විසින්ම සන්තකයේ තබා නොගන්නේ නම් අපට ජීවමාන වචන අන් අයට ලබා දිය නොහැකිය” කියාය. ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේම ජීවන රටාව තුළ කරුණාව පෙන්වන විට
“අන් අයව ඔවුන්ගේ ඇදහිල්ල්ට ආරාධනා කිරීමට” ඔවුන් තම දරුවන්ව සුදානම් කරති.

අන් අයව ස්වාමින්වහන්සේ වෙතට ගන ඒමට අපට සූත්‍රයක් අවශ්‍ය නැත. වඩාත්ම වැදගත් දෙය නම් දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප තුළ පෙළඹවීමක් ඇති කිරීම සහ අප තුළින් බැබළීමයි. අප යේසුස් වහන්සේ තුළ ජීවත් වන විට සහ උන්වහන්සේගේ ප්‍රේමය බෙදා ගන්නා විට උන්වහන්සේව දැන ගන්නා පිණිස උන්වහන්සේ අන් අයව ඇද ගන්නා සේක.