ගුවන් නියමුවෙකුට ඔහුගේ තේ කෝප්පය රඳවනයට දැමිය නොහැකි වූ නිසා ඔහු එය ගුවන් යානයේ ප්‍රධාන උපකරණයක් මත තැබීය. යානය කැලඹීමකට ලක් වූ විට පානය පාලක පැනලය මත හැලීමෙන් එන්ජිමක් ක්‍රියා විරහිත වුනි. යානය ආපසු හරවා ආරක්‍ෂිතව ගොඩ බස්වන ලද නමුත් මාස දෙකකට පසුව වෙනත් ගුවන් සමාගමක කාර්ය මණ්ඩලයට එය නැවතත් සිදුවූ විට එහි ගැටලුවක් ඇති බව නිෂ්පාදකයාට වැටහුණි. යානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් වැයවූ නමුත් එහි කෝප්ප රඳවනය ඉතා කුඩා විය. බැලූ බැල්මට කුඩා ලෙස පෙනෙන මෙම අතපසුවීම සමහර ඉතා භයානක අවස්ථාවන්ට හේතු වුනි.

කුඩා දේවල් විශාලම සැළසුම් විනාශ කළ හැකි බැවින් සාලමොන්ගේ ගීතිකාවේ මනුෂ්‍යයා තම පෙම්වතියගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ආදරයේ “මිදිවැල් නරක් කරන සිවලුන්” අල්ලා ගන්නා ලෙසටයි (2:15). මිදි සොයමින් සිවලුන් බිත්ති මතින් නැඟ වල් හාරනවා ඔහු දැක ඇත. ඔවුන් මිදි වත්තට ඇතුල් වී රාත්‍රී කාලයේ අන්ධකාරයේදී නොපෙනී යන නිසා උන්ව අල්ලා ගැනීම දුෂ්කර වුනි. නමුත් උන්ව නොසළකා හැරිය යුතු නොවේ.

ඔබගේ සමීපතම සම්බන්ධතාවලට තර්ජනයක් වන්නේ කුමක්ද? එය විශාල වැරදි නොවිය හැකිය. ඔබේ ආදරයේ මුල හාරන්නේ කුඩා සිවලුන් විය හැකිය. නොසිතන මොහොතක මුඛයෙන් නික්මෙන කුඩා අදහස් විය හැකිය. සුළු වැරදි එකතු වන අතර කලකට පෙර වර්ධනය වෙමින් තිබූ මිත්‍රත්වයක් හෝ උද්‍යෝගිමත් විවාහයක් විනාශයට පත්වීමේ අනතුරක් විය හැකිය.

කුඩා සිවලුන් අල්ලා ගැනීමට දෙවියන්වහන්සේ අපට උපකාර කෙරේවා! අපට අවශ්‍ය දේ දෙවියන්වහන්සේ ලබා දෙන බැවින් අවශ්‍ය පරිදි සමාව ඉල්ලා හෝ සමාව ලබා දී අපගේ කල්පනාකාරී ක්‍රියාවන් නමැති පසෙහි අපගේ මිදි වතු පෝෂණය කරමු.