1960 ගණන් වලදී මගේ පියා සමග විවාහ වීමට හැකි වන පරිදි ඇය විශ්ව විද්‍යාලයට ඇතුල් නොවීමට තීරණය කළ ආකාරය මගේ මව මා සමග බෙදා ගත්තාය. නමුත් ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරියක් වීමේ ඇගේ සිහිනය ඇය සෑම විටම අල්ලා ගෙන සිටියාය. දරුවන් තිදෙනෙකුට පසුව, ඇය ලුසියානා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියේ පෝෂණ සහායිකාවක් බවට පත්වූයේ කිසි විටෙකත් විශ්ව විද්‍යාල උපාධියක් ලබා නොගෙනය. බොහෝ දුරට ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරියක් මෙන් ඇය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සාදන හැටි පෙන්වීමට ආහාර පිසුවාය. ඇගේ ජීවිතයේ සිදුවීම් විස්තර කිරීමෙන් පසුව ඇය ඇගේ සිහිනය මා සමග බෙදා ගත් පසු ඇය ප්‍රකාශ කළේ දෙවියන්වහන්සේ සැබවින්ම ඇගේ යාච්ඤාවන්ට සවන් දී ඇගේ හදවතේ ආශාවන් ඇයට ලබා දුන් බවයි.

ජීවිතය අපටත් ඒ හා සමාන විය හැකිය. අපගේ සැළසුම් එක් මාර්ගයක් පෙන්වයි. නමුත් යථාර්ථය වෙනත් මාර්ගයකට යොමු වේ. නමුත් දෙවියන්වහන්සේ සමග අපගේ කාලය සහ ජීවිතය උන්වහන්සේගේ දයාව, ප්‍රේමය සහ ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ අලංකාර සංදර්ශනයක් බවට පත් විය හැකිය. දෙවියන්වහන්සේ යුදා වැසියන්ට පැවසුවේ (යෝවෙල් 2:21) “පළගැටියන්ද පළගැටි පණුවන්ද” ගෙන එන ලද විනාශය නිසා ඔවුන්ගේ නැතිවූ හෝ විනාශ වූ හෝ වසර සඳහා උන්වහන්සේ ඔවුන්ට “ප්‍රතිලාභ” දෙන බවයි (25 පදය). අප මුහුණ දෙන අභියෝග සහ ඉටු නොවූ සිහින වලදී අපට උපකාර කිරීමට උන්වහන්සේ දිගටම ක්‍රියා කරන සේක. මක්නිසාදයත් අප සේවය කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් අපගේ කැප කිරීම්වලට ගෞරව කරන සහ විපාක දෙන මිදුම්කාර දෙවියන්වහන්සේට වන හෙයිනි (මතෙව් 19:29).

අප මුහුණ දෙන්නේ විනාශකාරී අභියෝගයකට හෝ සැබෑ නොවූ සිහින දකින කාලයකට හෝ වේවා ප්‍රතිෂ්ඨාපනය කරන්නාවූ දෙවියන්වහන්සේට අපි මොර ගසමු. එසේම උන්වහන්සේට ප්‍රශංසා කරමු.