ඔහුගේ රාජධානියට පීඩා කරන දූෂණය සහ අධික වියදම් ගැන කලබල වූ කොරියාවේ යොංජෝ රජු (1694-1776) දේවල් වෙනස් කිරීමට තීරණය කළේය. “ළදරුවා නාන ජලයත් සමග ඉවතට විසි කිරීම” යන කියමන හරියාකාරව ඉෂ්ට කරන්නාක් මෙන් ඔහු කොරියාවේ සාම්ප්‍රදායික සාරවත් කලාව වන රන්-නූල් එම්බ්‍රොයිඩරි කලාව සම්පූර්ණයෙන්ම තහනම් කළේය. වැඩි කල් නොගොස් එම සංකීර්ණ ක්‍රියාවලිය පිලිබඳ දැනුම අතීතයට අතරුදහන් විය.

2011 දී මහාචාර්ය සිම් යොංඕක්ට දිගු කලක් තිස්සේ අහිමි වී තිබූ මෙම සම්ප්‍රදාය නැවත ලබා ගැනීමට අවශ්‍ය වුනි. මල්බෙරි කඩදාසි මත රන් කොළ අලවා පසුව සිහින් කෙඳි වලට අතින් කපා ඇති බව අනුමාන කළ ඇය පැරණි කලා කෘතියක් නැවත පණ ගන්වමින් එම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වූවාය.

නික්මයාම පොතේ ආරොන්ගේ පූජක වස්ත්‍ර සෑදීම සඳහා රන් නූල් අතුළුව කූඩාරම ඉදි කිරීම සඳහා භාවිතා කරන ලද අධික වැඩ කොටසක් ගැන අපි ඉගෙන ගනිමු. “දක්‍ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් නිල්, රත් නිල්, රතු සිහින් හණ නූලින් කළ කර්මාන්තයක් වන පිණිස තුනී රන් තහඩු තළා කෙඳි කොට කැපුවෝය” (නික්මයාම 39:3). ඒ විශිෂ්ඨ අත්කම් නිර්මාණවලට සිදු වූයේ කුමක්ද? එම ඇඟලුම් නිකම්ම ගෙවී ගියාද? අවසානයේදී ඒවා කොල්ලකෑමක් ලෙස රැගෙන ගියාද? ඒ සියල්ල නිෂ්ඵල වූයේද? කොහෙත්ම නැත. උත්සාහයේ සෑම අංගයක්ම සිදු කරනු ලැබුවේ දෙවියන්වහන්සේ එය කිරීමට නිශ්චිත උපදෙස් දී තිබූ හෙයිනි.

දෙවියන්වහන්සේ අප එකිනෙකාටත් කරන්න යමක් දී තිබේ. එය සරල කාරුණික ක්‍රියාවක් විය හැකිය. එනම් අපි එකිනෙකාට සේවය කරන විට එම ක්‍රියාව උන්වහන්සේට ආපසු දීමට යමක් බවට පත් වන්නේය. අවසානයේ අපගේ ප්‍රයත්නයන්ට කුමක් වේදැයි අප සැළකිලිමත් විය යුතු නැත (1 කොරින්ති 15:58). අපගේ පියාණන් වහන්සේ වෙනුවෙන් කරන ඕනෑම කාර්යයක් සදාකාලය දක්වා විහිදෙන නූලක් බවට පත් වන්නේය.