විද්‍යුත් තැපැල් පණිවුඩය කෙටි නමුත් හදිසි එකක් වුනි. “ගැළවීම ඉල්ලමි. මම යේසුස්වහන්සේව දැන ගන්න කැමැත්තෙමි”. මොනතරම් පුදුම සහගත ඉල්ලීමක්ද? තවමත් ක්‍රිස්තුස්වහන්සේව ලබා නොගත් අකමැත්තෙන් සිටින මිතුරන් සහ පවුලේ අය මෙන් නොව මෙම පුද්ගලයාට ඒත්තු ගැන්වීම අවශ්‍ය නොවීය. මගේ කර්තව්‍යය වූයේ ඉවැන්ජලිස්ත සේවය ගැන මගේ සැකය යටහත් කර මෙම තැනැත්තාගේ ආයාචනය ආමන්ත්‍රණය කරන ප්‍රධාන සංකල්පයන්ද දේව වචනයද විශ්වාසදායක සම්පත්ද බෙදා ගැනීමයි. එතැන් සිට ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ එම තැනැත්තාගේ ගමන මෙහෙයවන සේක.

පිලිප් එවැනි සරල ඉවැන්ජලිස්ත සේවයක් පෙන්නුම් කළේ කාන්තාර මාර්ගයකදී යෙසායාගේ පොතෙන් ශබ්ද නගා කියවන ඉතියෝපියාවේ භාණ්ඩාගාරික හමුවූ අවස්ථාවේදීය. “නුඹ කියවන දේ නුඹට තේරෙනවාද?” පිලිප් ඇසුවේය (ක්‍රියා 8:30). “යමෙක් මග පෙන්නූවොත් මිස නැත්නම් මට තේරුම් ගන්ට පුළුවන් කොහොමදැයි” (31 පදය) කියා මිනිසා පිළිතුරු දුන්නේය. පැහැදිලි කිරීමට ලද ඇරයුමෙන් පසු “පිලිප් මුඛය හැර ඒ ලියවිල්ලෙන් පටන් ගෙන යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කළේය” (35 පදය).

ඵිලිප් පෙන්වා දුන් පරිදි මිනිසුන් සිටින තැනින් පටන් ගෙන ඉවැන්ජලිස්ත සේවය සරලව තබා ගැනීම ක්‍රිස්තුස්වහන්සේව බෙදා ගැනීමේ ඵලදායී ක්‍රමයක් විය හැක. ඇත්ත වශයෙන්ම ඔවුන් දෙදෙනා ගමන් කරන විට ඒ මනුෂ්‍යයා “බලන්න, මෙන්න වතුර” යැයි පවසා බව්තිස්ම වීමට ඉල්ලා සිටියේය (36 පදය). පිලිප් එකඟ වූ අතර ඒ මනුෂ්‍යයා “ප්‍රීතියෙන් ඔහුගේ ගමන ගියේය” (39 පදය). ඔහු පාප ගැන පසුතැවිලිව, ක්‍රිස්තුස් වහන්සේට පාපොච්චාරණය කර සභාවක් සොයා ගෙන දැන් තමා නැවත උපන්නෙක් බව විශ්වාස කරන බවට විද්්‍යුත් තැපැල ලේඛකයා පිළිතුරු එවූ විට මම ප්‍රීති වීමි. කෙතරම් ලස්සන ආරම්භයක්ද! දැන් දෙවියන් වහන්සේ ඔහුව උසස් තලයකට ගෙන යන සේක්වා!