පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෑතකදී ඉතා ශක්තිමත් මෙන්ම ඉවත් කළ හැකි නව මැලියම් වර්ගයක් නිර්මාණය කළේය. ඔවුන්ගේ නිර්මාණය ගොළුබෙල්ලෙකුගේ ආනුභාවයෙන් යුක්ත වන අතර වියළි තත්ත්වයේදී සෙවල දැඩි වී තෙත් වන විට නැවත ලිහිල් වන්නේය. ගොළුබෙල්ලාගේ සෙවල වල ආපසු හැරවිය හැකි ස්වභාවය චලනය අනතුරුදායක වන විට එහි පරිසරයේ ආරක්‍ෂිතව සිටුවමින් ගොළුබෙල්ලන් සඳහා ආරක්‍ෂිත-වඩාත් තෙතමනය සහිත තත්ත්වයන් තුළ නිදහසේ ගමන් කිරීමට ඉඩ සළසයි.

ස්වභාව ධර්මයේ ඇති මැලියම් අනුකරණය කිරීමේ පර්යේෂකයාගේ ප්‍රවේශය විද්‍යාඥ ජොහැන්නස් කෙප්ලර් ඔහුගේ සොයා ගැනීම පිළිබඳ විස්තරය සිහිපත් කරයි. ඔහු පැවසුවේ දෙවියන්වහන්සේගේ සිතුවිලි හා නිර්මාණය ඔස්සේ ඔහු ගමන් කළ බවයි. දෙවියන්වහන්සේ පෘථිවිය සහ එහි ඇති සියල්ල මැවූ බව බයිබලය අපට පවසයි. භූමියේ වෘක්‍ෂලතාදියද (උත්පත්ති 1:12); “ජලයෙහි ඉතා මහත් ජලචර සත්වයන්ද” (21 පදය); “ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්‍ෂීන්ද” (21 පදය); “භූමියෙහි බඩගා යන සියලු සතුන්ද” (25 පදය) සහ
“උන්වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යයාද මැවු සේක” (27 පදය). මානව වර්ගයා ශාකයක හෝ සතෙකුගේ විශේෂ ගුණාංගයක් සොයා ගන්නා විට හෝ හඳුනා ගන්නා විට අපි හුදෙක් දෙවියන්වහන්සේගේ නිර්මාණාත්මක අඩි පාරේ යමින් උන්වහන්සේ ඒවා නිර්මාණය කළ ආකාරය දෙසට අපගේ දෑස් විවෘත කරන්නෙමු.

මැවීමේ වාර්තාවේ සෑම දිනකම අවසානයේදී දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කාර්යයේ ඵල සමීක්‍ෂණය කර එය “යහපත්” කියා විස්තර කළ සේක. අපි දෙවියන්වහන්සේගේ මැවිල්ල ගැන තවත් බොහෝ දේ ඉගෙන ගනිමින් සහ සොයා ගන්නා විට අපිත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව හඳුනා ගෙන එය හොඳින් රැකබලා ගනිමින් එය කෙතරම් යහපත්දැයි ප්‍රකාශ කරමු.