2020 ජනවාරි මාසයේදී ලොස් ඇන්ජලිස් නගරය අසළ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් නව දෙනෙක් මිය යාම නිසා ඛේදවාචකයක් සිදු වුනි. බොහෝ ප්‍රවෘත්ති ආරම්භ වුනේ මෙවන් ආකාරයකිනි. “ජාතික පැසි පන්දු සංගමයේ සුපිරි තරුව කෝබේ බ්‍රයන්ට්, ඔහුගේ දියණිය ගියනා (“ගිගි”) සහ තවත් හත් දෙනෙක් අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් විය”.

මෙවන් බිහිසුණු තත්ත්වයකට සම්බන්ධ සුප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කිරීම ස්වාභාවික සහ තේරුම් ගත හැකි දෙයකි. කෝබේ සහ ඔහුගේ ප්‍රේමණීය යෞවන ගිගිගේ මරණය විස්තර කල නොහැකි තරම් හද කම්පා කරවන ප්‍රවෘත්තියකි. නමුත් ජීවිතයේ විශාල පින්තූරයේ “අනෙක් හත්දෙනා” (එනම් පේටන්, සාරා, ක්‍රිස්ටිනා, ඇලීසා, ජෝන්, කෙරී සහ අරා) අඩු වැදගත්කමක් ඇති කරන බෙදුම් රේඛාවක් නොමැති බව අප මතක තබා ගත යුතු වන්නෙමු.

සෑම මනුෂ්‍යයෙක්ම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ වැදගත් බව සමහර අවස්ථාවලදී අපට මතක කර දිය යුතුය. සමාජය ධනවත් සහ ප්‍රසිද්ධ අයව දීප්තිමත් ආලෝකයකින් බබළවයි. යමෙක් තමාගේ ප්‍රසිද්ධත්වය නිසා ඔහු, ඔබේ අසල්වැසියාට වඩා හෝ ඔබේ වීදියේ සෙල්ලම් කරන ඝෝෂාකාරී ළමුන්ට වඩා හෝ නගරයේ සරණාගත මධ්‍යස්ථානයේ අවාසනාවන්ත පුද්ගලයාට හෝ ඔබට වඩා හෝ වැදගත් පුද්ගලයෙකු බවට පත් වන්නේ නැත.

පෘථිවියේ සෑම පුද්ගලයෙක්ම පොහොසත් වේවා දුප්පත් වේවා, (හිතෝපදේශ 22:2) දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත (උත්පත්ති 1:27). දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි කිසි කෙනෙකුට වැඩිපුර අනුග්‍රහය ලැබෙන්නේ නැත (රෝම 2:11). සෑම කෙනෙකුටම ගැළවුම්කරුවාණන් වහන්සේ අවශ්‍ය වේ (3:23).

දේවස්ථානයේ (යාකොබ් 2:2-14) හෝ සමාජයේ හෝ වේවා අපි අනිසි අනුග්‍රහය දක්වීම ප්‍රතික්‍ෂේප කරන විට අපි අපගේ ශ්‍රේෂ්ඨ දෙවිය්වහන්සේව මහිමයට පත් කරන්නෙමු.