දෙවියන්වහන්සේ කොහේද?

මාර්ටින් හෑන්ඞ්ෆර්ඞ්ගේ වෝල්ඩෝ කොහේද? නම්වූ ළමා ප්‍රහේලිකා පොත් පෙළක් 1987 දී ප්‍රථම වරට නිර්මාණය කරන ලද අතර “අල්ලා ගත නොහැකි” චරිතය රතු සහ සුදු ඉරි සහිත කමිසයක්, මේස් සහ ගැලපෙන තොප්පියක්, නිල් ඩෙනිම්, දුඹුරු බූට්ස් සහ ඇස් කන්නාඩි පැළඳ ගෙන සිටියේය. ලොව පුරා විවිධ ස්ථානවල චරිත සමූහයන්ගෙන් පිරී අති කාර්යය බහුල නිදර්ශන තුළ හැන්ඞ්ෆර්ඞ් දක්‍ෂ ලෙස වෝල්ඩෝව සාමාන්‍යයෙන් පෙනෙන ලෙස සඟවා තිබුණි. වෝල්ඩෝව සැම විටම දැකිය නොහැකිය. නමුත් පාඨකයන්ට ඔහුව සොය ගත හැකි වේ යැයි නිර්මාණකරු පොරොන්දු වන්නේය. ඇත්තටම දෙවියන්වහන්සේව සෙවීම ප්‍රහේලිකා පොතක වෝල්ඩෝ සොයනවා වගේ නොවුණත් අපටත් උන්වහන්සේව සොයා ගත හැකි යයි අපේ නිර්මාතෘවරයාණෝ පෙරොන්දු වන සේක.

අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් දෙවියන්වහන්සේ තම සෙනඟට පිටුවහලේ සිටින විදේශිකයන් ලෙස ජීවත් විය යුතු ආකාරය ගැන උපදෙස් දුන් සේක (යෙරෙමියා 29:4-9). උන්වහන්සේගේ පරිපූර්ණ සැළැස්මට අනුව ඔවුන්ව යථා තත්ත්වයට පත්කරන තුරු ඔවුන්ව ආරක්‍ෂා කිරීමට උන්වහන්සේ පොරොන්දු වූ සේක (10-11 පද). දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට සහතික කළේ උන්වහන්සේගේ පොරොන්දුව ඉෂ්ඨ කිරීම මගින් යාච්ඤාවෙන් උන්වහන්සේව ඇමතීමට ඔවුන්ගේ කැපවීම ගැඹුරු වන බවයි (12 පදය).

අද දිනදී දෙවියන්වහන්සේ විසින් යේසුස්වහන්සේගේ කථාවෙන් සහ ආත්මයෙන් තමන්වහන්සේව හෙළි කර ඇතත් මේ ලෝකයේ කාර්යබහුලත්වය නිසා අවධානය වෙනතකට යොමු වීම පහසු විය හැකිය. “දෙවියන් වහන්සේ කොහේද?” කියා ඇසීමට පවා අප පෙළඹිය හැකිය. කෙසේ වෙතත්, සෑම දෙයකම මැවුම්කරුවාණෝ සහ පෝෂකයාණෝ ප්‍රකාශ කරන්නේ උන්වහන්සේට අයත් අය ඔවුන්ගේ මුළු හදවතින්ම උන්වහන්මෙ සොයන්නේ නම් සෑම විටම ඔවුන්ට උන්වහන්සේව සොයා ගත හැකි බවයි (13-14 පද).

බයිබලය කියවීමෙන් සහ යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සෙවීමට කාලය ගත කිරීමෙන් ඔබගේ අවධානය වෙනතකට යොමු කරන බාධාවන් මොනවාද?
කාර්යබහුල කම ඔබව උන්වහන්සේගෙන් ඈත් කරවන විට උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමට දෙවියන්වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?

සියලු දෙනාගේ ආදරණීය මැවුම්කරුවාණන් සහ පෝෂකයාණෙනි, මාගේ මුලු හදවතින්ම දිනපාත ඔබව සෙවීමටත් ඔබ විසින් කරන ලද පොරොන්දු ඉටු කරන බව විශ්වාස කිරීමටත් මට උපකාර කළ මැනව.