අතිශයින් වෙහෙසකර ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරඟයකට තරඟ කරන කෙන්යානු ධාවකයෙක් වන ආබෙල් මුටයිට ජයග්‍රහණය සඳහා තිබුණේ යාර කිහිපයකි – ඔහුගේ පෙරමුණ (ලීඞ් එක) සුරක්‍ෂිත විය. ගමන් කළ යුතු මාර්ග සංඥාව ගැන ව්‍යාකූල වූ ඔහු දැනටමත් තමා අවසන් රේඛාව පසු කර ඇතැයි සිතමින් මගදී නතර වූයේය. දෙවෙනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤ ජාතික තරඟකරුවා වන අයිවන් ෆර්නෑන්ඩස් අනායා, මූටයිගේ වරද දුටුවේය. කෙසේ වෙතත්, ජයග්‍රහණය සඳහා ප්‍රයෝජන ලබා ගැනීමට මූටයිව පසුකර යාමට වඩා ඔහු මූටයි වෙතට ළඟාවී ඔහුගේ අත දිගු කර හරි මාර්ගය පෙන්වා රන් පදක්කමක් දිනා ගැනීමට මූටයිට ඉදිරියට යාමට මග පෙන්වූයේය. ඔහු හිතාමතාම තරඟය පැරදුණේ මන්දැයි වාර්තාකරුවන් අනායාගෙන් විමසූ විට ඔහු තරයේ කියා සිටියේ ජයග්‍රහණය ලැබිය යුත්තේ මුටයි මිස තමා නොවන බවයි. “මගේ ජයග්‍රහණයේ ඵලය කුමක්ද? එම පදක්කමේ ගෞරවය කුමක්ද? මගේ අම්මා ඒගැන සිතන්නේ කුමක්ද?” ගැන වෙනුවට එක් වාර්තාකරුවෙක් සඳහන් කළේ “අනායා ජයග්‍රහණයට වඩා අවංකකම තෝරා ගත් බවයි”.

හිතෝපදේශ පවසන්නේ අවංකව ජීවත් වීමට කැමති එසේම තම ජීවිතයේ විශ්වාසවන්තකම සහ සත්‍යතාවය විදහා දැක්වීමට කැමති අය ඵලදායී විය හැකි දේට වඩා සත්‍යය මත පදනම්ව තේරීම් කරන බවයි. “ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි” (11:3). අවංකකම සඳහා කැපවීම ජීවත් වීමට නිවැරදි මාර්ගය පමණක් නොව එය වඩා හොඳ ජීවිතයක්ද ලබා දෙන්නේය. හිතෝපදේශ තවදුරටත් මෙසේ කියයි : “එහෙත් ද්‍රෝහීන්ගේ වංකකම ඔවුන් විනාශ කරයි” (3 පදය). දිගුකාලීනව බලන කල වංකකම කිසි විටෙකත් ඵලදායී වන්නේ නැත.

අපි අපගේ අවංකකම අත්හැරියහොත් අපට ලැබෙන කෙටි කාලීන “ජයග්‍රහණ” ඇත්ත වශයෙන්ම පරාජය ලබා දෙන්නේය. නමුත් විශ්වාසවන්තකම සහ සත්‍යවාදීකම දෙවියන්වහන්සේගේ බලය තුළ අපව හැඩගස්වන විට අපි කෙමෙන කෙමෙන් සැබෑ යහපත් ජීවිතයක් ගත කරන ගැඹුරු චරිතයක් ඇති පුද්ගලයන් බවට පත් වන්නෙමු.