කෝවිඞ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස වෙනත් බොහෝ අය මෙන් ඔහුද ඉක්මණින් රැකියාවෙන් ඉවත් වන බව මගේ සැමියා දැනගත් දිනය දුෂ්කර දවසක් වුනි. දෙවියන්වහන්සේ අපගේ මූලික අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපි විශ්වාස කළ නමුත් එය සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය තවමත් භයානක විය.

මම මගේ අවුල් සහගත හැඟීම් සකස් කරමින් සිටීමේදී දහසය වන සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිදු වූ ප්‍රතිසංස්කරණයේ සිටි ප්‍රතිසංස්කරණවාදියෙක් වූ ජෝන් ඔෆ් ද ක්‍රොස්ගේ ප්‍රියතම කවියක් නැවත බැලීමට මට ආශාවත් ඇති විය. “මම ඇතුළට ගියෙමි. කොහේදැයි මම නොදත්තෙමි” යන මාතෘකාව යටතේ කවියෙන් නිරූපණය කරන්නේ යටත් වීමේ ගමනක ඇති අසිරිය “දැනීමේ සීමාවන් පසුකර” යන විට අපි
“දෙවියන්වහන්සේව සහ එහි සියලු විලාශයන් හඳුනා ගැනීමට” ඉගෙන ගන්නෙමු. ඒ නිසා මගේ සැමියා සහ මම මේ කාලය තුළ කිරීමට උත්සාහ කළේ එයයි. අපට පාලනය කළ හැකි සහ තේරුම් ගත හැකි දෙයින් අපගේ අවධානය, අප වටා දෙවියන්වහන්සේව සොයා ගත හැකි අනපේක්‍ෂිත අභිරහස් සහ සුන්දර මාර්ග වෙත හැරවීමට අපි තීරණය කළෙමු.

අපෝස්තලු පාවුල් ඇදහිලිවතුන්ව පෙනෙන දෙයින් නොපෙනෙන දෙයටද පිටත සිට අභ්‍යන්තර යථාර්ථයන් දක්වා සහ තාවකාලික අරගල වලින් “ඒ සියල්ල අභිබවා යන සදාකාලික මහිමය” දක්වා ගමනකටද ආරාධනා කළේය (2 කොරින්ති 4:17).

පාවුල් මෙය ඉල්ලා සිටියේ ඔවුන්ගේ අරගල ගැන ඔහුට අනුකම්පාවක් නැති නිසා නොවේ. ඔවුන්ට අත්‍යවශ්‍ය වූ සැනසීම, ප්‍රීතිය සහ බලාපොරොත්තුව අත්විඳිය හැක්කේ ඔවුන්ට තේරුම් ගත හැකි දේ අත්
හැරීමෙන් බව ඔහු දැන සිටියේය (2 කොරින්ති 4:10, 15-16 පද). ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය තුළින් සෑම දෙයක්ම අලුත්කිරීම ගැන ඔවුන්ට දැන ගැනීමට හැකි වනු ඇත.