අපගේ ඇඳුම් වඩාත් ක්‍රියාකාරී නම් එනම් : අපි සෝර්ස් හෝ අබ මිශ්‍රනය හෝ බීම අපගේ ඇඳුම් මත හැලුණු පසු ඇඳුම්වලට ඒවා පිරීසිදු කර ගැනීමේ හැකියාව තිබේ නම් කොයි වගේ වෙනසක් ඇති කරයිද? චීනයේ ඉන්ජිනේරුවන් “කිරණවලට නිරාවරණය වන විට පැල්ලම් සහ දුගන්ධය කපු රෙදි වලින් පිරිසිදු කිරීමට හේතු වන” විශේෂ ආලේපනයක් නිපදවා ඇත. ස්වයං පිරිසිදු ඇඳුම් තිබීමේ පටලැවීම ඔබට සිතා ගත හැකිද?

පැල්ලම් සහිත ඇඳුම් සඳහා ස්වයං පිරිසිදු ආලේපනයක් වැඩ කළ හැකි නමුත් පැල්ලම් සහිත ආත්මයක් පිරිසිදු කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණි. පුරාණ යුදාහි දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ සමග කෝප වුයේ ඔවුන් උන්වහන්සේට “පිටුපා” දූෂණයට හා නපුරට හැරුණ නිසා සහ බොරු දෙවි වරුන්ට නමස්කාර කළ නිසාය (යෙසායා 1:2-4). නමුත් තත්ත්වය වඩාත් නරක අතර හැරුණේ ඔවුන් පූජා ඔප්පු කරමින් බොහෝ යාච්ඤා කියමින් සහ උත්සව සභාවල රැස්ව පිරිසිදු වීමට උත්සාහ කළ නිසාවෙනි. එහෙත් ඔවුන්ගේ කුහක සහ පව්කාර හදවත් එසේම තිබුණි (12-13 පද). ප්‍රතිකර්මය වූයේ පියවි සිහියට පැමිණ පසුතැවිලි වූ හදවතකින් ඔවුන්ගේ ආත්මයේ ඇති කැළැල් ශුද්ධවූ සහ ප්‍රේමණීය දෙවියන්වහන්සේ වෙතට ගෙන ඒමයි. උන්වහන්සේගේ කරුණාව ඔවුන්ව පවිත්‍ර කර ආත්මිකව ඔවුන්ව “හිම මෙන් සුදු” කරන සේක (18 පදය).

අප පව් කරන විට ස්වයං පිටිසිදු කිරීමේ විසඳුමක් නොමැත. නිහතමානී සහ පසුතැවිලි හදවතකින් යුක්තව අපි අපගේ පාප පිළිගෙන ඒවා දෙවියන්වහන්සේගේ ශුද්ධකමේ පවිත්‍ර කරන ආලෝකය යටතේ තැබිය යුතු වන්නේය. අපි ඒවා වලින් හැරී උන්වහන්සේ වෙත ආපසු යා යුතු වන්නෙමු. ආත්මයේ කැළැල් පිරිසිදු කරන එකම තැනන්වහන්සේ වන උන්වහන්සේ අපට සම්පූර්ණ සමාව සහ නව සහයෝගීතාාව ලබා දෙන සේක.