චෙක් ජනරජයේ සිටි ලුඞ්මිලා නම්වූ අසූ දෙහැවිරිදි වැන්දඹුවක් තම නිවස “ස්වර්ග රාජ්‍යයේ තානාපති කාර්යයාලය” ලෙස ප්‍රකාශ කර ඇත්තේ “මගේ නිවස ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ දිගුවක්” යනුවෙන් පවසමිනි. වේදනාවෙන් පෙළෙන හා අවශ්‍යතා ඇති ආගන්තුකයන් සහ මිතුරන්ව ඇය ප්‍රේමණීය ආගන්තුක සත්කාරයෙන් පිළිගන්නීය. සමහර විට ආහාර පානද නිදා ගැනීමට තැනක්ද සපයන්නේ සෑම විටම දයානුකම්පිත හා යාච්ඤා පූර්වක ආත්මයකින් යුක්තවය. තම අමුත්තන් රැක බලා ගැනීමට උපකාර කිරීම සඳහා ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය මත රඳා සිටිමින් ඇය දෙවියන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන ආකාරය ගැන සතුටු වන්නීය.

ලුඞ්මිලා තම නිවස සහ හදවත විවෘත කිරීම තුළින් යේසුස්වහන්සේ වෙනුවෙන් කරන සේවය සමග, එක සබත් දිනයක කෑම අනුභව කිරීමට යේසුස්වහන්සේට ආරාධනා කළ ප්‍රමුඛ ආගමික නායකයා අතර වෙනස සංසන්දනය කළ හැකිය. යේසුස්වහන්සේ මෙම නීති ගුරුවරයාට පැවසුවේ “තමාට ආපසු ගෙවිය හැකි අය නොව නමුත් දිළිදුන්ද අබ්බගාතයන්ද කොරුන්ද අන්ධයන්ද” තම නිවසට පිළිගත යුතු බවයි (ලූක් 14:13). යේසුස්වහන්සේගේ ප්‍රකාශවලින් ඇඟවෙන්නේ පරිසිවරයා යේසුස්වහන්සේට ආගන්තුක සත්කාරය කළේ උඩඟුකම (14:13 පදය) නිසා වන නමුත් ලුඞ්මිලා වසර ගණනාවකට පසුව “දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ සහ උන්වහන්සේගේ ප්‍රඥාවේ උපකරණයක්” වීමට හැකි වන පරිදි මිනිසුන්ව තම නිවසට ආරාධනා කළාය.

ලුඞ්මිලා කියා සිටින පරිදි නිහතමානීව අන් අයට සේවය කිරීම අපට “ස්වර්ග රාජ්‍යයේ නියෝජිතයන්” විය හැකි එක් ක්‍රමයක් වන්නේය. ආගන්තුකයන්ට ඇඳක් සැපයිය හැකි වූවත් නැතත්, අපට විවිධ සහ නිර්මාණාත්මක ක්‍රමවලින් අපගේ අවශ්‍යතාවලට වඩා අන් අයගේ අවශ්‍යතා තැබිය හැකිය. අප ජීවත්වන ප්‍රදේශයේ අපි දෙවියන්වහන්සේගේ රාජ්‍යය ව්‍යාප්ත කරන්නේ කෙසේද?