“ඒක පේනවද?” ඔරලෝසු අලුත්වැඩියා කරන්නා අපේ නිවසේ වැඩ කරමින් සිටි පැරණි ඔරලෝසු වර්ගයක් වන “ග්‍රෑන්ඞ්ෆාදර්” ඔරලෝසුව තුළ දළ වශයෙන් කැටයම් කර තිබූ කුඩා සියුම් සළකුණක් ඔහුගේ විදුලි පන්දමේ ආලෝකයෙන් මට පෙන්වීය. “තවත් අලුත්වැඩියා කරන්නෙක් සිය වසකට පමණ පෙර මෙම ලකුණ තබන්නට ඇති” ඔහු පැවසුවේය. “එය සාක්‍ෂිකාර ලකුණක් ලෙස හැඳින්වෙන අතර මෙම යාන්ත්‍රණය සකසන ආකාරය දැන ගැනීමට එය මට උපකාර වන්නේය”.

තාක්‍ෂණික අලුත්වැඩියා අත්පොත් වල යුගයට පෙර අනාගතයේ අලුත්වැඩියාවක් කරන පුද්ගලයාට චලනය වන කොටස් හරියාකාරව සම්බන්ධ කිරීමට උපකාර කිරීම සඳහා “සාක්‍ෂිකාර ලකුණු” භාවිතා කරන ලදී. ඒවා හුදෙක් කාලය ඉතිරි කරන මතක් කිරීම්වලට වඩා වැඩි යමක් විය. මෙම සළකුණු බොහෝ විට තැබුවේ අනාගතයේදී යම් අලුත්වැඩියාවක් කරන ඊළඟ පුද්ගලයාට දක්වන කරුණාවක් ලෙසය.

අපගේ බිඳුණු ලෝකයේ අන් අයට සේවය කරමින් දෙවියන්වහන්සේ වෙනුවෙන් වැඩ කරන විට අපගේම
“සාක්‍ෂිකාර ලකුණු” තැබීමට බයිබලය අපව දිරි ගන්වයි. අපෝස්තලු පාවුල් රෝමයේ සභාවට මෙසේ ලිවීය.
“අපෙන් එකිනෙකා තම තමාග් අසල්වැසියාගේ වැඩි දියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටු කෙරේවා” (රෝම 15:2). “විඳ දරා ගැනීම සහ දිරිගැන්වීම ලබා දෙන” (5 පදය) අපගේ දෙවියන්වහන්සේගේ ආදර්ශය මෙයයි. මෙය මෙලොවේ සහ ස්වර්ගයේ හොඳ පුරවැසියෙකු වීම ගැන පෙන්නුම් කරයි.

අපගේ “සාක්‍ෂිකාර ලකුණු” කුඩා දේවල් ලෙස පෙනුනද ඒවා යමෙකුගේ ජීවිතයේ වැදගත් වෙනසක් ඇති කළ හැකිය. කෙනෙකුව දිරිගන්වන වචනයක්; අවශ්‍යතා ඇති කෙනෙකුට මූල්‍යමය ත්‍යාගයක් සහ කෙනෙකුට සවන් දීම යනාදී මේ සියල්ල කල් පවතින බලපෑමක් ඇති කළ හැකි කාරණාවන්ය. අද දින කෙනෙකුගේ ජීවිතයේ උන්වහන්සේ වෙනුවෙන් ලකුණක් තැබීමට දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන සේක්වා!