දේව ධර්ම විදුහලට යද්දී මම පූර්ණ කාලීනව සේවය කළෙමි. ඊට අමතරව දේවස්ථානයක පූජකතුමෙක් හැටියටත් සීමාවාසික පුහුණුවකටත් මාරුවෙන් මාරුවට සේවය කළ නිසා මම කාර්්‍ය බහුල වූයෙමි. මගේ පියා මා බැලීමට පැමිණි විට ඔහු පැවසුවේ “ඔබට බිඳ වැටීමක් සිදුවනු ඇත” කියාය. ඔහු වෙනත් පරම්පරාවක අයෙකු බවත් ඉලක්ක සැකසීම නොතේරෙන බවත් සිතමින් මම ඔහුගේ අනතුරු ඇඟවීම ඉවත් කළෙමි.

මට බිඳ වැටීමක් සිදුවූයේ නැත. නමුත් මම මානසික අවපීඩනයකට පත්වූ ඉතා රළු වියළි සමයක් අත් වින්දෙමි. එදින සිට මම අනතුරු ඇඟවීම් වලට විශේෂයෙන් මට ආදරය කරන අයගෙන් කෙරෙන අනතුරු ඇඟවීම් වලට වඩාත් ප්‍රවේසමෙන් සවන් දීමට ඉගෙන ගත්තෙමි.

මෙම සිදුවීම මට මෝසෙස්ගේ කථාව සිහිපත් කරයි. ඔහුත් ඊශ්‍රායෙල්හි විනිශ්චයකරු ලෙස සේවය කරමින් ඉතා උනන්දුවෙන් කටයුතු කළේය (නික්මයාම 18:13). එසේ වූවත් ඔහු තම මාමණ්ඩියගේ අවවාදයට සවන් දීමට තෝරා ගත්තේය (17-18 පද). යෙත්‍රෝ ඒ ගැන එතරම් තැකීමක් නොකළ නමුත් ඔහු මෝසෙස්ට සහ ඔහුගේ පවුලේ අයට ප්‍රේම කළ අතර ඉදිරියේ ඇති කරදර දුටුවේය. සමහර විට යෙත්‍රෝට සවන් දෙන්නත් ඔහුගේ උපදෙස් පිළිපදින්නත් මෝසෙස්ට හැකි වුණේ ඒ නිසා විය හැකිය. මෝසෙස් මේ සඳහා ක්‍රමයක් සකස් කළේය. එනම්, “සියලු මිනිසුන්ගෙන් දක්‍ෂ මිනිසුන්” කිහිප දෙනෙක් කුඩා ආරවුල් විසඳිමට තෝරා ගත් අතර වඩාත් දුෂ්කර අවස්ථා ඔහු භාර ගත්තේය (21-22 පද). ඔහු යෙත්‍රෝට සවන් දුන් නිසාත් ඔහුගේ වැඩ නැවත සකස් කර ගත් නිසාත් අන් අය සමග තමාගේ බර බෙදාගෙන ඒවා ඔවුන්ට භාර දුන් නිසාත් එම ජීවිත කාලය තුළ ඔහුට මානසික අවපීඩනයකින් වැළකීමට හැකි වුනි.

අපගෙන් බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේ, අපගේ පවුල් සහ වෙනත් අය සඳහා අපගේ වැඩ කටයුතු ආශාවෙන් වූවත් බැරෑරුම් ලෙස සළකන්නෙමු. නමුත් තවමත් අප අපගේ විශ්වාසවන්ත ආදරණීයයන්ගේ උපදෙස් වලට අවනත වෙමින් අප කරන සෑම දෙයකදීම දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ බලය මත රඳා සිටිය යුතු වන්නෙමු.