2019 දී ඔක්ස්ෆර්ඞ් බස් සමාගම ක්‍ෂණිකව ජනප්‍රිය වූ “චැට් බසය” දියත් කරන ලදී. මෙම බස් රථයට උනන්දුවක් දක්වන මගීන් සමග කථා කිරීමට යම් පුද්ගලයින් පත් කරන ලදී. බ්‍රිතාන්‍යන්ගෙන් සියයට 30 ක් පමණ පුද්ගලයින් සතියකට අවම වශයෙන් එක් දිනක්වත් අර්ථවත් සංවාදයකින් තොරව යන බව සොයා ගත් රජයේ පර්යේෂණවලට ප්‍රතිචාර වශයෙන් මෙම මාර්ගය ආරම්භ කරන ලදී.

අවශ්‍ය වෙලාවට කථා කිරීමට කෙනෙකු නොමැති වීමෙන් ඇති වන තනිකම අපගෙන් බොහෝ දෙනෙක් අත්විඳ ඇත. මගේ ජීවිතයේ වැදගත් සංවාදවල වටිනාකම ගැන මම මෙනෙහි කරන විට කරුණාවෙන් පිරී ඇති සාකච්ඡාවන් මට විශේෂයෙන් සිහිපත් වේ. ඒ කාලයන් මට ප්‍රීතිය හා දිරිගැන්වීමක් ගෙන ආ අතර ගැඹුරු සබඳතා වර්ධනය කර ගැනීමටද ඒවා උපකාර වුනි.

කොලොස්සි සභාවට ලියූ ඔහුගේ ලිපියේ අවසානයේ පාවුල් ඔහුගේ පාඨකයන්ව දිරිගැන්වූයේ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් සඳහා අව්‍යාජ ජීවන ප්‍රතිපත්ති සමගින් අපගේ සංවාද තුළින් අපට හමුවන සෑම කෙනෙකුටම ප්‍රේමය ප්‍රදර්ශනය කළ හැකි ක්‍රම ඇතුළත් කරමිනි. ඔහු මෙසේ ලිවීය : “නුඹලාගේ කථාව නිතරම අනුග්‍රහයෙන් යුක්තව තිබේවා” (කොලොස්සි 4:6). ඔහු පාඨකයන්ට මතක් කළේ එය හුදෙක් වචන මත නොව එම වචනවල ගුණය “අනුග්‍රහයෙන් යුක්තව” තිබිය යුතු බවයි. එනම් ඒවා අනෙක් අයට සැබෑ දිරිගැන්වීමක් වීමට ඉඩ හැරිය යුතු බවයි.

මිතුරෙකු හෝ සම සේවකයෙක් හෝ ඔබ අසළ බස් රථයක හෝ යම් ස්ථානයක වාඩිවී සිටින ආගන්තුකයෙක් හෝ සමග ඔබට ගැඹුරින් සංවාදයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙන ඊළඟ වතාවේ මෙම කාලය තුළදී ඔබ දෙදෙනාගේ ජීවිතවලට ආශිර්වාදයක් වන විදිහට සංවාදය හරවා ගැනීමට මාර්ග සොයා ගන්න.