මගේ හතර හැවිරිදි මුණුපුරා මගේ ඔඩොක්කුවේ වාඩි වී මගේ කෙස් රහිත හිස අතගාමින් එය හොඳින් අධ්‍යයනය කළේය. “සීයේ, ඔබේ කොණ්ඩයට මොකද වුණේ?” ඔහු ඇසීය. “හා..හා” මම සිනහ සුණෙමි. වසර ගණනාවක් තුළ එය නැති වුනා”. ඔහුගේ මුහුණ කල්පනාකාරී විය. “එය නරකයි” ඔහු පිළිතුරු දුන්නේය. “මට මගෙන් ටිකක් දෙන්න වෙනවා”.

මම ඔහුගේ අනුකම්පාව ගැන සැනසී ඔහුව තවත් මා වෙතට ළං කර තුරුල් කර ගත්තෙමි. ඔහු මා කෙරෙහි දැක්වූ එම ආදරයේ මොහොත ගැන මා පසුව කල්පකා කළෙමි. දෙවියන්වහන්සේගේ පරාර්ථකාමී ත්‍යාගශීලී ප්‍රේමය ගැන මෙනෙහි කිරීමට එය මට හේතු විය.

ජී. කේ. චෙන්ටර්ටන් මෙසේ ලිවීය : “අපි පව් කර මහලු වී සිටිමු. අපගේ පියාණන්වහන්සේ අපට වඩා තරුණයි”. මෙයින් ඔහු අදහස් කළේ “පුරාතන කෙනෙක්” (දානියෙල් 7:9) පාපයෙන් ක්‍ෂය වීමෙන් අපිරිසිදු නොවන බවයි. දෙවියන්වහන්සේ වයස් ගත නොවන අතර කිසිදා නොපැකිළෙන හෝ මැකී නොයන හෝ ප්‍රේමයකින් අපට අධික ලෙස ප්‍රේම කරන සේක. “මහලු වයස දක්වාත් මම එසේමය. හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි. මමම නුඹලා දරා ගෙන මමම උසුලාගෙන ගළවන්නෙමි” කියා යෙසායා 46:4 හි උන්වහන්සේ තම සෙනඟට දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකියාව උන්වහන්සේට ඇති අතර එසේ කිරීමට උන්වහන්සේ සම්පූර්ණ කැමැත්තෙන් සිටින සේක.

පද පහකට පසුව උන්වහන්සේ මෙය පැහැදිලි කරන සේක : “මම දෙවියන්වහන්සේය. මා හා සමාන කෙනෙක් නැත”. බලවත් “ස්වයංභූ” (නික්මයාම 3:14) අපට කෙතරම් ගැඹුරින් ප්‍රේම කරනවාද යත් අපගේ පාපයේ සම්පූර්ණ බර දරා ගෙන කුරුසියේ මරණය දක්වා අන්තයටම ගිය සේක. එසේ වූයේ අපි උන්වහන්සේ වෙත හැරී අපගේ පාප බරින් නිදහස් වී සදාකාලිකවම උන්වහන්සේ කෘතඥතාවයෙන් යුතුව නමස්කාර කරන පිණිසය.