එලී වීසල්ගේ “රාත්‍රිය” නමැති පොත සමූල ඝාතනයේ බිහිසුණුකම සමග අපට තදින්ම අභියෝග කරයි. නාට්සි මරණ කඳවුරුවල ඔහුගේම අත්දැකීම් මත පදනම්ව වීසල්ගේ වාර්තාව නික්මයාම පිළිබඳ බයිබලීය කථාව පෙරළයි. මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරුන් පළමු පාස්කු මංගල්‍යයේදී වහල් භාවයෙන් “පලා ගිය” අතර (නික්මයාම 12) පාස්කුවෙන් පසු නාට්සීන් විසින් යුදෙව් පූජකයන් අත් අඩංගුවට ගැනීම ගැන වීසල් පවසයි.

අපි වීසල් සහ ඔහුගේ අඳුරු ව්‍යාංගය විවේචනය නොකිරීමට බයිබලයේ එවැනිම කුමන්ත්‍රණ පෙරළියක් අඩංගු බව සළකමු. එනම් පාස්කු දින රාත්‍රියේදී දෙවියන්වහන්සේගේ සෙනගව දුක් විඳීමෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වූ යේසුස්වහන්සේ ඒ වෙනුවට තමනවහන්සේව මරන්න සිටින අයට තමන් වහන්සේව අත් අඩංගුවට ගැනීමට අවසර දෙන්නේය.

යේසුස්වහන්සේව අත්අඩංගුවට ගැනීමට පෙර වූ ශුද්ධ වූ දර්ශනයට යොහන් අපව ගෙන යයි. සිදුවන දේ ගැන බලා සිටි “ආත්මයෙන් කැළඹුණු ආත්මයෙන්” යුතුව යේසුස්වහන්සේ අවසාන රාත්‍රී භෝජන අවස්ථාවේදී තමාගේ පාවා දීම ගැන අනාවරණය කළ සේක (යොහන් 13:21). ඉන්පසුව අපට තේරුම් ගත නොහැකි ක්‍රියාවකින් ක්‍රිස්තුස්වහන්සේ තමන්ව පාවා දෙන්නාට රොටි බෙදා දෙන සේක. දේව වචනයේ තවදුරටත් සඳහන් වන්නේ “එවිට ඔහු කැබැල්ල ගෙන එකෙණෙහිම පිටත්ව ගියේය. රාත්‍රියද විය” (30 පදය) කියාය. ඉතිහාසයේ ලොකුම අසාධාරණය සිදුවෙමින් පැවතියද යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ “දැන් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පැමිණියේය. දෙවියන්වහන්සේද ඔහු තුළ මහිමයට පැමිණි සේක” (31 පදය) කියාය. පැය කිහිපයකින් ගෝලයන් කලබලයට පරාජයට සහ කලකිරීමට පත්වනු ඇත. එහෙත් විය යුතු ආකාරයෙන් දෙවියන්වහන්සේගේ සැළැස්ම දිග හැරෙන ආකාරය යේසුස්වහන්සේ දුටු සේක.

අන්ධකාරය ජය ගන්නා බව පෙනෙන විට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අඳුරු රාත්‍රියට මුහුණ දී එය පරාජය කළ බව අපට සිහිපත් කළ හැකිය. උන්වහන්සේ අප සමග ගමන් කරන සේක. එය සෑම විටම අඳුරු වන්නේ නැත.