“මට අවශ්‍ය වූයේ කෙසේ හෝ එය එසේ නොවන්නටය” කියමින් මිතුරෙක් විසින් තරුණ වියේදීම මිය ගිය මිතුරෙක්ගේ ජීවිතය ගැන වර්ණනා කරමින් විලාප දුන්නේය. ඔහුගේ වදන් මනුෂ්‍ය වර්ගයාගේ ඈත කාලයේ සිටම තිබූ හදවතේ කම්පනය සිහිපත් කරයි. මරණය අප සියල්ලන් මවිතයට පත් කරන අතර බියක්ද ඇති කරයි. ආපසු හැරවිය නොහැකි දේ හැරවීමට අපි වෙහෙසෙන්නෙමු.

යේසුස්වහන්සේගේ මරණයෙන් පසු උන්වහන්සේගේ අනුගාමිකයන්ට හැඟුණු ආකාරය අනුව “එසේ නොවීමට” ඇති ආශාව හොඳින් විස්තර කළ හැකිය. දේව වචනය තුළ එම භයානක පැය කිහිපය ගැන එතරම් විස්තර නැති නමුත් විශ්වාසවන්ත මිනිසුන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් එහි වාර්තා වන්නේය.

යේසුස්වහන්සේව රහසින් විශ්වාස කළ ආගමික නායකයෙක් වන යෝසෙප් (යොහන් 19:38 බලන්න) පිලාත්ගෙන් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටීමට හදිසියේම ධෛර්්‍යය ලබා ගත්තේය (ලූක් 23:52). දරුණු කුරුසිය ඇණ ගැසීමකින් සිරුරක් ඉවත් කර එය මිහිදන් කිරීමට මෘදු ලෙස සුදානම් කිරීමට කළ යුතු දේ ගැන මොහොතක් මෙනෙහි කරන්න (53 පදය). සොහොන් ගෙය දක්වාම සෑම පියවරකදීම යේසුස් වහන්සේ සමග නැවතී සිටි කාන්තාවන්ගේ භක්තිය සහ නිර්භීතකම ගැන සළකා බලන්න (55 පදය).

මෙම අනුගාමිකයන් නැවත නැගිටීමක් අපේක්‍ෂා කළේ නැත. ඔව්හු ශෝකය ඉවසා සිටීමට මගක් සෙවූහ. පරිච්ඡේදය අවසන් වන්නේ බලාපොරොත්තු රහිතව හුදෙක් කණස්සල්ලෙනි : “ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යයද සුවඳ තෙල්ද (යේසුස්වහන්සේගේ ශරීරය එම්බාම් කිරීමට) සුදානම් කළෝය. නමුත් ඔව්හු ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තෝය” (56 පදය).

සබත් අතරමැද ඉතිහාසයේ වඩාත්ම ශ්‍රේෂඨ දර්ශනය සඳහා වේදිකාව සැකසෙන බව ඔවුන් දැන සිටියේ නැත. හිතන්නවත් බැරි දෙයක් කිරීමට යේසුස්වහන්සේ සුදානම්ව සිටි සේක. උන්වහන්සේ මරණය “එසේ නොවේ” බවට පත් කළ සේක.