දිගු කාලීනය යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්්‍යවරයෙක් වූ ජෙරොස්ලෙව් පෙලිකන් “ඔහුගේ පරම්පරාව ක්‍රිස්තියානි ඉතිහාසය පිළිබඳ ප්‍රමූඛතම බලධාරීන්” ලෙස සැළකූ අතර ඔහුගේ පුළුල් අධ්‍යයන වෘත්තීය සඳහා ප්‍රසිද්ධියට පත් වුනි. ඔහු පොත් තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ විශාල ලේඛන වෙනුවෙන් ජීවිත කාලය සඳහාම වන ගෞරවනීය “ක්ලූගේ” ත්‍යාගය දිනා ගත්තේය. කෙසේ වෙතත් ඔහුගේ එක් ශිෂ්‍යයෙක් ඔහුගේ ගුරුවරයාගේ වැදගත්ම වචන ලෙස සැළකුවේ ඔහු මරණ මංචකයේදී කථා කළ වචනයි : “ක්‍රිස්තුස්වහන්සේ උත්ථාන වූයේ නම් වෙන කිසිවක් වැදගත් නොවේ; ක්‍රිස්තුස්වහන්සේ උත්ථාන නොවූයේ නම්ද වෙන කිසිවක් වැදගත් නොවේ”.

පෙලිකන් පාවුල්ගේ එත්තු ගැන්වීම ප්‍රතිරාවය කළේය : “ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු නොලැබූයේ නම් අපගේ දේශනා කිරීම නිෂ්ඵලය. එසේම ඔබගේ ඇදහිල්ලද නිෂ්ඵලය” (1 කොරින්ති 15:14). අපෝස්තලු වරයා එවැනි නිර්භීත ප්‍රකාශයක් කළේ නැවත නැගිටීම හුදු ප්‍රාතිහාර්්‍යයක් පමණක් නොව මිනිස් ඉතිහාසයේ දෙවියන්වහන්සේගේ මිදීමේ කාර්්‍යයේ උච්චතම අවස්ථාව බව ඔහු දැන සිටි නිසාය. නැවත නැගිටීමේ පොරොන්දුව වූයේ යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටින බවට උන්වහ්න්සේගේ සහතිකය පමණක් නොව අනෙකුත් මළ හා විනාශ වූ දේවල් (එනම් ජීවිත, අසල්වැසියන්, සබඳතාවයන්) ක්‍රිස්තුස්වහන්සේ තුළින් යම් දිනෙක නැවත ජීවනයට ගෙන එන බවට වූ උන්වහන්සේගේ නිර්භීත සහතිකයයි. කෙසේ වෙතත් නැවත නැගිටීමක් නොමැති නම් අප බලවත් කරදරයක සිටින බව පාවුල් දැන සිටියේය. නැවත නැගිටීමක් නොවූයේ නම් මරණය සහ විනාශය ජය ගන්නවා ඇත.

එහෙත් ඇත්ත වශයෙන්ම “ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින සේක්මය” (20 පදය). ජයග්‍රාහකයාණන් විසින් විනාශ කරන ලද මරණය පරාජයට පත් විය. යේසුස්වහන්සේගෙන් පසුව පැමිණෙන ප්‍රාණය ඇති සියලු දේවල “පළමු ඵලය” උන්වහන්සේ වන සේක. උන්වහන්සේ නපුර සහ මරණය පරාජය කළ නිසා අපට නිර්භීතව හා නිදහස්ව ජීවත් විය හැකිය. මෙය සියල්ල වෙනස් කරන්නේය.