ඔවුන් බහු-පරම්පරා නමස්කාර සේවයේ එක්ව ප්‍රශංසා ගීත ගායනා කරද්දී බොහෝ දෙනෙක් ප්‍රීතිය හා සාමය අත් වින්දෝය. එහෙත් අධික වෙහෙසකින් සිටි මවකට එසේ නොවීය. හඬන්නට ආසන්නව සිටි තම බිළිඳාව නළවමින් ඇය දිව යන්න හදන තම පස් හැවිරිදි දරුවා නවතා ගැනිමට උත්සාහ කරමින් ඔහු වෙනුවෙන් ගීත පොත අතේ තබා ගත්තාය. එවිට ඇගේ පිටුපසින් වාඩිවී සිටි වැඩිහිටි මහතෙක් කුඩා දරුවාව ගෙන දේවස්ථානය වටා ඇවිදින්නට ඉදිරිපත් වූ අතර තරුණ කාන්තාවක් කියා සිටියේ වැඩිමහල් දරුවා වෙනුවෙන් ඇයට ගීත පොත අල්ලාගෙන සිටිය හැකි බවයි. විනාඩි දෙකක් ඇතුළත මවගේ අත්දැකීම වෙනස් වූ අතර ඇයට හුස්ම හෙළීමටත් ඇස් වසාගෙන දෙවියන්වහන්සේට නමස්කාර කිරීමටත් හැකි වුනි.

දෙවියන්වහන්සේ සෑම විටම අදහස් කර ඇත්තේ උන්වහන්සේගේ සෙනග සියලු දෙනාම උන්වහන්සේට නමස්කාර කිරීමය-එනම් පිරිමින් සහ කාන්තාවන්, මහලු හා තරුණ, දිගු කාලීන ඇදහිලිවන්තයන් සහ නවකයින් යන සියලු දෙනාම. පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර මෝසෙස් ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ආශිර්වාද කර “ඔබේ නගරවල වාසය කරන පුරුෂයන්, ස්ත්‍රීන්, සහ විදේශිකයන්” සියලු දෙනාටම එකට රැස්වන ලෙසට කිවේය. මන්දයත් එවිට ඔවුන්ට “අසා ඉගෙන ගෙන නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට භයවී” (ද්වීථිය කථාව 31:12) උන්වහන්සේගේ ආඥා පවත්වන්න හැකි වන පිණිසය. අපගේ ජීවිත කාලය කුමක් වූවත් උන්වහන්සේගේ සෙනගට එක්ව උන්වහන්සේට නමස්කාර කිරීමට අපි ඉඩ සළසන විට එය දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දෙන්නේය.

එදින උදෑසන දේවස්ථානයේදී ඒ මව, වැඩිහිඩි මහත්මයා සහ තරුණ කාන්තාව දීමෙන් සහ ලැබීමෙන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත් වින්දෝය. සමහර විට ඊළඟ වතාවේ දේවස්ථානයෙහි සිටින විට උපකාර කිරීමෙන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ව්‍යාප්ත කිරීමට හෝ කරුණාවේ ක්‍රියාවක් පිළිගැනීමට හෝ ඔබටත් පුළුවන.