එය පාස්කු ඉරිදාට පසු සතිය නිසා අපේ පස් හැවිරිදි පුත් වියට් උත්ථානය ගැන කථා බොහෝමයක් අසා තිබුණි. ඔහුට නිතරම ප්‍රශ්න තිබුණි-සාමාන්‍යයෙන් පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න. මම රිය පැදවූ අතර ඔහු මට පිටුපසින් අසුනේ බඳ පටිය දමා ගෙන වාඩිවී සිටියේය. වියට් ගැඹුරු කල්පනාවකින් යුතුව ජනේලයෙන් පිටත බලා ගෙන සිටියේය. “තාත්තා” කියා ඔහු මගෙන් ටිකක් අමාරු ප්‍රශ්නයක් අසන්නට සුදානම් විය.
“යේසුස්වහන්සේ අපව නැවත ජීවනයට ගෙන එන විට අපි ඇත්තටම ජීවතුන් අතර සිටිනවාද නැත්නම් අපගේ මනසෙහි ජීවමානව සිටිනවාද?”

අපට එය ශබ්ද නගා කීමට ධෛර්්‍යයක් තිබුණත් නැතත් අප බොහෝ දෙනා දරණ ප්‍රශ්නය මෙයයි. ඇත්තටම දෙවියන්වහන්සේ අපව සුව කරන්න යන්නේද? උන්වහන්සේ ඇත්තටම අපව මරණයෙන් නැගිටුවන්න ලබන්න යන්නේද? උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේගේ සියලු පොරොන්දු ඉටු කරන්න යන්නේද?

අපෝස්තලු යොහන් අපගේ නිශ්චිත අනාගතය විස්තර කරන්නේ “අලුත් අහසක් සහ අලුත් පොළොවක්” ලෙසය (එළිදරව් 21:1). එම ශුද්ධ නගරයේ “දෙවියන්වහන්සේම ඔවුන් (අප) සමග සිට ඔවුන්ගේ (අපගේ) දෙවියන්වහන්සේ වන සේක” (3 පදය). ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණය නිසා දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ සෙනගට තවත් කඳුළු නැති නපුරක් නැති අනාගතයක් අපට පොරොන්දු වූ සේක. මෙම යහපත් අනාගතයේදී “මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය” (4 පදය).

වෙනත් වචන වලින් කියතොත් අනාගතයේදී දෙවියන්වහන්සේ පොරොන්දු වන්නේ අපි සැබවින්ම ජීවමානව සිටින බවයි. අපි කෙතරම් ජීවමානව සිටින්නේද කිවහොත් අපගේ ජීවිතය හුදු සෙවනැල්ලක් ලෙස පෙනෙනු ඇත.