මිහිකත දිනය යනු අප්‍රේල් මස 22 වන දින සැමරෙන වාර්ෂික උත්සවයකි. මෑත වසර වලදී රටවල් දෙසීයයක පමණ බිලියනයකට අධික ජනතාවක් අධ්‍යාපනික හා සේවා ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇත. සෑම වසරකම අපගේ විස්මිත ග්‍රහලෝකය රැක බලා ගැනීමේ වැදගත්කම සිහිපත් කරන දිනය වන්නේ මිහිකත දිනයයි. නමුත් පරිසරය රැක බලා ගැනීමේ වරම මෙම වාර්ෂික සිදුවීමට වඩා බොහෝ පැරණිය. එනම් මෙම වගකීම මැවීම දක්වා ඈතට විහිදේ.

දෙවියන්වහන්සේ මුලු විශ්වයම මැවූ බවත් මිනිසුන්ට වාසය කිරීම සඳහා පෘථිවිය සෑදු බවත් අපට උත්පත්ති පොතෙන් ඉගෙන ගත හැකිය. උන්වහන්සේ කඳු මුදුන් සහ සශ්‍රීක තැනිතලා නිර්මාණය කළා පමණක් නොව දෙවියන්වහන්සේ ඒදන් උයනත් මැව්වේ එහි වැසියන්ට ආහාර, නවාතැන් සහ අලංකාරය සපයන පිණිසය (උත්පත්ති 2:8-97.

දෙවියන්වහන්සේගේ වැදගත්ම මැවිල්ල වන මනුෂ්‍යයාට ජීවනය ලබා දීමෙන් පසු උන්වහන්සේ ඔවුන්ව මෙම උයනේ තබා (8 සහ 22 පද) “එය වවන්ටත් බලාගන්ටත්“ යන වගකීම දුන් සේක (15 පදය). ආදම් සහ ඒවව උයනෙන් නෙරපා හැරීමෙන් පසු දෙවියන්වහන්සේගේ මැවීම සඳහා සැළකීම වඩාත් දුෂ්කර විය (3:17-19). නමුත් අද දක්වාම දෙවියන්වහන්සේම අපගේ ග්‍රහලෝක සහ එහි ජීවීන් ගැන සැළකිලිමත් වන අතර (ගීතාවලිය 65:9-13) අපෙන් ඉල්ලා සිටින්නේද එයම කරන්නැයි කියාය (හිතෝපදේශ 12:10).

අප ජීවත් වන ජනාකීර්ණ නගරවල හෝ ග්‍රාමීය ප්‍රදේශවල වුවද දෙවියන්වහන්සේ අපට භාර දී ඇති ප්‍රදේශ රැක බලා ගැනීමට අප සැමට ක්‍රම තිබේ. අපි පෘථිවිය රැක බලා ගන්නා විට මෙම සුන්දර ග්‍රහ ලෝකය සඳහා උන්වහන්සේට දක්වන කෘතඥතාවයේ ක්‍රියාවක් වේවා.