ඇය කුමන දේශපාලන පක්‍ෂයට අයත් දැයි ඇදිලිවන්තයෙක් වූ සගයෙකු විසින් ඇගෙන් පැහැදිළිවම ඇසූ ආකාරය මගේ මිතුරිය මට විස්තර කළාය. ප්‍රශ්නය ඇසීමේ ඔහුගේ අරමුණ වුයේ දැනට ඔවුන්ගේ ප්‍රජාව බෙදීමට හේතු වන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ඇය සමග එකඟ වන්නේදැයි අනාවැකි කීමටයි. ඔවුන් අතර පොදු පදනමක් සොයා ගැනීමට උත්සාහ කරමින් ඇය සරලව පිළිතුරු දුන්නේ “අප දෙදෙනාම ඇදහිලිවන්තයන් වන බැවින් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ එකමුතුකම කෙරෙහි අවධානය යොමු කිරීමට මම කැමතියි” කියාය.

පාවුල්ගේ කාලයේද මිනිසුන් විවිධ ප්‍රශ්න නිසා බෙදී සිටියහ. කෑමට අවසර ඇති ආහාර මොනවාද සහ ශුද්ධ දිනයන් ලෙස සැළකෙන්නේ කුමන දිනයන්ද වැනි මාතෘකා රෝමයේ කිතුනුවන් අතර මතභේද ඇති කළේය. “එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව” ඔවුන් කුමන මතයක් දැරුවද පාවුල් ඔවුන්ට මතක් කර දෙන්නේ ඔවුන්ගේ පොදු පදනම වන්නේ යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමයි කියාය (රෝම 14:5-9). එකිනෙකා විනිශ්චය කිරීම වෙනුවට “සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩි දියුණු කරන්ට පුළුවන් කාරණාද” (19 පදය) කරන්න කියා ඔහු ඔවුන්ව දිරි ගන්වයි.

බොහෝ රටවල්, ක්‍රිස්තියානි සභාවන් සහ ප්‍රජාවන් විශාල සහ කුඩා ප්‍රශ්න මත බෙදී සිටින යුගයක ක්‍රිස්තුස් වහන්සේ සමග අපගේ ජීවිතය සුරක්‍ෂිත කර ගැනීම සඳහා උන්වහන්සේ කුරුසිය මත වැඩ කිරීමේ සත්‍යය ගැන අපට එකිනෙකාට පෙන්වා දිය හැකිය. අපගේ තනි පුද්ගල මතයන් නිසා “දෙවියන්වහන්සේගේ වැඬේ නාස්ති නොකළ යුතුය” (20 පදය) යන පාවුල්ගේ මතක් කිරීම වසර 2000 කට පෙර මෙන් අදටත් කාලෝචිතය. එකිනෙකා විනිශ්චය කරනවා වෙනුවට අපට ප්‍රේමයෙන් ක්‍රියා කරමින් අපගේ සහෝදර සහෝදරියන්ට ගෞරවයක් වන අයුරින් ජීවත් විය හැකිය.