වොරන් අපගේ දේවස්ථානයේ සතිපතා රැස්වන සේවක කණ්ඩායම ඇමතූ අවස්ථාවේදී “දූවිලි මෙන් හැඟීමක් දැනේ” යැයි සඳහන් කළ විට වයසට යෑම සහ සෞඛ්‍යයට සම්බන්ධ ශාරීරික අභියෝග ගැන ඔහු සඳහන් කරන ආකාරය මෙය බව මට හැඟුනි. වොරන් සහ ඔහුගේ බිරිඳ සඳහා ඔවුන්ගේ හැටේ දශකයේ අග භාගයේදී 2020 දී වෛද්‍යවරුන්ගේ පැමිණීම, ශල්‍යකර්ම වලට මුහුණ දීම සහ නිවස තුළ ඔවුන්ව බලා ගන්නා අය සඳහා ඔවුන්ගේ නිවස නැවත සකස් කිරීම ඇතුළත් විය. ඔවුන් වයස් ගත අවධියේ සිටි අතර ඔවුන්ට එය දැනුණේය.

කායික, බුද්ධිමය, චිත්තවේගී සහ අධ්‍යාත්මික වශයෙන් අපගේ අඩුපාඩු, අසම්පූර්ණකම් සහ දුර්වලතා දැන ගැනීමට වැඩි කලක් ජීවත් විය යුතු නැත. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස්වහන්සේ තුළින් අපගේ වැටුණු ලෝකයට පා තැබූ අතර මනුෂ්‍ය පැවැත්මේ වගකීම් අත්විඳින අයව රැක බලා ගන්නා සේක (ගීතාවලිය 103:13). තවද දාවිත් මෙසේ ලිවීය : “මක්නිසාද උන්වහන්සේ අපගේ ස්වභාවය දන්නා සේක. අප ධූලි බව උන්වහන්සේ සිහි කරන සේක” (ගීතාවලිය 103:14). “දූවිලි” යන යෙදුම අපව උත්පත්ති පොතට ගෙන යයි : “ස්වාමිවූ දෙවියන්වහනන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුෑ සේක” (උත්පත්ති 2:7).

මේ දිනවල ඔබටත් “දූවිලි ගතියක්” දැනෙන්නේද? භූමික ජීවිතයේ යතාර්ථයන් වෙත සාදරයෙන් පිළිගනිමු. කෙසේ වෙතත් අපව වඩාත්ම අවදානමට ලක් විය හැකි යැයි හැඟෙන විට අපි තනිව නොවන බව මතක තබා ගන්න. අපගේ දයානුකම්පිත දෙවියන්වහන්සේ “ඒ බව දන්නා” අතර උන්වහන්සේ “සිහි කරන” සේක. ඔබ හා මා වැනි භූමික මිනිසුන්ට සමාව දීමට උන්වහන්සේගේ පුත්‍රයා එවීමෙන් අපට උන්වහන්සේගේ ප්‍රේමය පෙන්වූ සේක. ජීවිතය කුමක් වූවත් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමු.